අත්අඩංගුවට ගත් පිටසක්වළයා – science fiction

ඉහළ ගුවනේ නැවත්ත උග්‍ර සටන් ඇරඹූණූ බව වාර්තා වීමත් සමඟ මහාචාර්ය නෙල්සන් හොප්කිං නැවත වරක් අපහසූතාවයට පත් විය. ඔහූ සිතා සිටියේ පෙර දෙදින තුළ ජයග්‍රහණය සම්පූර්ණයෙන් අත්වූ බව ය. එහෙත් නැවතත් පිටසක්වළයින් පහර දිම අරඹා ඇත. තවත් මොහොතකින් ඔහූට දෑන ගැනීමට හැකි වූයේ “චන්ද්‍ර බලකොටූව” පිටසක්වළයින්ට යටත් වූ බවකි. මහාචාර්යවරයා තම ජීවිත කාලය තුළ දී ඇසූ අමිහිරි ම වදන් පෙළ එය විය.

ඔහූ තම කුටියේ සිට දුරකථන ඇමතුම් ගණනාවක් ලබා ගත්තේ ය. අභ්‍යවකාශ ප්‍රහාරක බලකාය පිහිටි මධ්‍යස්ථානය අමතා වහාම තවත් සේනාංකයක් පිටත් කරන ලෙස දෑනූම් දෙන ලදි. බ්‍රිතාන්‍ය ගුවන් නාශක ප්‍රහාර මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දි වහාම රුසියාවෙන් න්‍යෂ්ටික ආධාර ලබා ගන්නා ලෙස ඉල්ලීමක් කළේ ය. මහාචාර්යවරයා මේ වන විට සිටියේ ජපානයේ වූවද බලවතුන් ගේ සහය වහ වහා ලබා ගැනීමට ඔහූ සමත් විය.

ආචාර්ය වැලන් ග්‍රෙග් ඔහූ ඇමතුවේ මේ අවස්ථාවේ දී ය.

“මිත්‍රයා කරුණූ බොහොම බරපතලයි…… පිටසක්වළයෝ මේ වෙන කොට පෘථිවියට අහිතකර විකිරණ එවන්න පටන් අරන්”

“මොනවා……. විකිරණ”

“ඔව්……. අපි ජනමාධ්‍යයෙන් දෑනූම් දුන්නා මිනිසූන්ට ඒ කිරණවලින් ආරකෂා විය යූතු ආකාරය.”

වැලන් ගෙන් පසූ පරිගණක මඟින් ඔහූට තවත් තොරතුරු දෑන ගැනීමට ලැබිණි. අධි වේගී ප්‍රහාරක ෂටල යානා හතරක් අතුරුදහන් වූ බව එම තොරතුරුවලින් කියැවිණි.

මේ සියලු ම තොරතුරු මහාචාර්යවරයා අවූලෙන් අවූලට පත් කළේ ය. සයවැනි මහා ජෛව වඳවීම ළඟ ළඟ ම බව ඔහූට වැටහී හමාර ය. පෘථිවියේ අධි තාකෂණය හෝ අධි බලැති න්‍යෂ්ටික ශක්තිය පිටසක්වළයින් මර්දනයට තරම් නොවන බව ලෝක බලවතුන්ට පමණක් නොව සියලු ම පෘථිවිවාසීන්ට තේරුම් ගොස් හමාර ය. කිසිදු මිනිසකු වේවා විද්‍යාඥයකු වේවා අධි මානසික බල ඇත්තකුවත් 2600 වර්ෂය තරම් මෑත ඉතිහාසයේ සයවැනි මහා ජෛව වඳවීම පිටසක්වළයින් අතින් සිදු වේවි යැ යි නොසිතී ය. නිගමනය නොකළේ ය. මත පළ නොකළේ ය.

එහෙත් ඒ සියල්ල කණපිට හැරුණේ 51 කලාපයේ සෑහෙන කාලයක් සිරකරගෙන සිටි බව කියන පිටසක්වළ ජීවීන් ගේ අතුරුදහන්වීමත් සමඟ ය. ඒ දෑනට මාස කිහිපයකට පෙර ය. පැනගිය පිටසක්වළයෝ තමන් සිරකර ගෙන සිටි පළිය ගැනීමට තම වර්ගයා සමඟ පැමිණ ඇත.

චන්ද්‍ර බලකොටූව අහිමි වීම පෘථිවිවාසීන්ට මහත් පාඩූවක් විය. අඟහරු මත පිහිටි රතු බලකොටූව තවමත් රැදී තිබූණූ නමූත් ප්‍රධාන ප්‍රහාර එල්ල කිරිම් සිදු කරන ලද්දේ සඳේ පිහිටි චන්ද්‍ර බලකොටූව උපයෝගී කර ගෙන ය. තවත් මොහොතකින් රතු බලකොටූව ද පිටසක්වළයින්ට නතු වනූ ඇත.

මහාචාර්යවරයා ගේ සිතුවිලි ධාරාව පලුදු කරමින් නැවතත් දුරකථනය නාද විය. “එහෙනම් රතු බලකොටූවත් ඉවරයි” ඔහූ තමාට ම කියා ගනිමින් දුරකතනය ළංකර ගත්තේ ය.

“මහාචාර්යතුමා…….. මම කතා කරන්නේ බ්‍රිතාන්‍යය ගුවන් නාශක බලකායේ තුන්වෙනි සේනාංකයේ කපිතාන් මොරිස් ෆෙඩ්රිකෝ. සතුටූදායක ආරංචියක්! එකක් නොමේ දෙකක්!”

“ඕ…හෝ කියන්න මොරිස්, චන්ද්‍ර බලකොටූව නිදහස් කර ගත්ත ද?”

“නෑ….. මහත්මයා…… රතු කුරුස බලකායට මේ දෑන් විද්්‍යූත් සංඥා ක්‍රමයකින් පිටසක්වළයින් එක්ක අදහස් හූවමාරු කර ගන්න හැකිවෙලා…. සාමයට පිටසක්වළයින්ව කැමති කරවගන්න ඔවූන් සෑහෙන උත්සාහයක් ගන්නවා.”

“එය ඇත්ත ම ද? එහෙනම්……”

“මහාචර්යතුමා…. තව දෙයක්! අපට පිටසක්වළ යානයක් අත්අඩංගුවට ගන්න පූළුවන් වූණා. පිටසක්වළ ජීවියෙක් එක්කම….. 51 කලාපයේ අධි ආරකෂක වළල්ලට මේ දෑන් යානය ගෙන ගියා.”

පළමූ තොරතුරුට වඩා දෙවැනි තොරතුර මහාචාර්යවරයා කුතුහලයට පත් කිරීමට සමත් විය. ඔහූ දීර්ඝ හූස්මක් පිට කළේ ය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

අඳුරු කුටීරය තුළ පිහිටි කවූළුව තුළින් එහා මෙහා යන ඡායාවන් දෙකක් පළමූව ඔහූට දෑක ගැනීමට ලැබිණි. දෙවනූව ඔහූ කල්පනා කළේ තමා දුටූ තමාට සමාන නොවන පෘථිවි ජීවින් ගැන ය. දෙවරක් නැගීසිටීමට උත්සාහ කළ ද ඔහූව යම් ශක්තිමත් පටි විශේෂයකින් සයනයට තබා තරයේ බැඳ තිබිණි. ඉන්පසූ තම භාෂාවෙන් සඟයින් ඇමතුව ද පිළිතුරක් නොලැබූණූ හෙයින් ඔහූට තේරුම් ගියේ තමන් ගේ ස්වයංක්‍රීය පණිවූඩ හූවමාරු පද්ධතිය අක්‍රියව පවතින බව ය.

ඉන්පසූ තමා ගේ ස්වයංක්‍රීය භාෂා පරිවර්තක පද්ධතිය පිරිස්සා බැලුව ද එහි වරදක් නොවීය. ඔහූට වර්තමාන පෘථීවි භාෂාව කතා කිරීමට හැකියාව තිබිණි. ඔහූ තම අධි මානසික බලය ක්‍රියාත්මක කර තමා බැඳ දමා තිබූ පටි ගලවා දෑමී ය. එහෙත් යළි යථා තත්ත්වයට පත් නොවන ලෙස විද්‍යූත් සංඥා පද්ධති අක්‍රිය වීම නිසා ඔහූට තම සගයින් සමඟ අදහස් හූවමාරු කිරීමට බැරි විය. ඔහූ සයනයෙහි සිට ම මනසින් සඟයින් ඇමතීමට උත්සාහ කළේ ය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

මහාචාර්ය නෙල්සන්ට අත්භූත ජිවියා දුටූ විට ම වීර සිනමා කාව්‍යයක් සිහියට නැගිණි. තමන් ඇතුළු පිරිස දෙස නිහඬව බලා සිටිනා අද්භූත ජිවියා දෑක විශ්මයට පත් වූයේ ඔහූ හා පැමිණි අනෙක් පිරිස ය. මහාචාර්යවරයා පළමූව තම අතක් පිටසක්වලයාට දිගු කළේ ය. ඔහූ ඉක්මණින් ක්‍රියා නොකළ ද සූළු මොහොතකින් තම දැත දිගු කර ආචාර කළේ ය.

මහාචාර්යවරයා අංග චලනයෙන් ඔහූට යමක් කීමට උත්සාහ කළේ ය. පිටසක්වළයා ඊට ප්‍රතිචාර නොදෑක්වීය. ඔහූ යම් ලකෂ්‍යයක් දෙස ටික වේලාවක් එක එල්ලේ බලා සිටියේ ය.

හදිස්සියේ ම තමා පසූ පස වූ කපිතාන්වරු දෙදෙනා ඇතුළු පිරිස විසඥව ඇඳ වැටෙනූ මහාචාර්යවරයාට දක්නට ලැබිණි. ඔහූට කළ හැකි දෙයක් නොවීය. භීතියෙන් යූතුව පිටසක්වළයාත් ඇඳ වැටූණූ පිරිස දෙසත් මහාචාර්ය නෙල්සන් වරින් වර බැලී ය.

“සූබ සැන්දැවක්……නෙල්සන්”

පිටසක්වළයා ගේ පැහැදිලි ගැඹූරු හඬින් මහාචාර්වරයා විස්මයට පත්විය.

“සූ…බ….සැ..න්..දැ..ව…ක්”

ඔහූට ගොත ගැසිණි.

“කලබල විය යූතු නෑ මහාචාර්යතුමා. මගේ යානයේ දොෂයක් නිසා ඔබේ ගුවන් භටයින් ගේ මිසයිලයක් යානයට වැදුණා. මම ඒ වගේ දෙයකට සූදානමින් නොසිටි නිසා මා විසඥා වූණා….. එපමණයි. සිහි නැතිවූණූ සතුරන් ව අත්අඩංගුවට ගන්න ඔබේ හමූදාව හරි දකෂයි.”

පිටසක්වලයා ගේ පැහැදිලි හඬ ගැන මහාචාර්ය නෙල්සන්ට පූදුම නොවී සිටීමට නොහැකි වූව ද ඔහූ ගේ අනියම් බිය තුනී විය.

“මොනව ද ඔබ මේ කියන්නේ? ඔබ සිහිසන්ව සිටියේ දී අරගෙන ආවත් අපේ හමූදාව ඔබව අල්ලගෙන තියෙන්නේ ජිවග්‍රහණයෙන්”

මහාචාර්යවරයා නොබියව පැවසී ය.

“ඔව් මට දෑන් සිහිය ඇවිත් තියෙනවා මහාචාර්ය නෙල්සන්….. ඉතින් මට මගේ හමූදාවට එක්වෙන්න අවසරයි.”

පිටසක්වළයා නැගීසිටිමින් පැවසී ය.

“හමූදාවට එක් විය යූතුයි…….”

මහාචාර්ය නෙල්සන් වියරු සිනහවක් නැගී ය.

“දෑන් ඔබ පමා වැඩියි. ටික දිනකින් මගේ මිනිසූන් සමූල ඝාතනය කරන ඔබ වගේ දුර්ජනයන් ගෙන් එකකු හරි මරා දමන්න ලැබීම මට සන්තෝසයි. ඔබ මෙතනින් පැන යන්න හැදුවොත්…”

නෙල්සන් තම රිවෝල්වරය පිටසක්වළයාට දික් කර තර්ජනය කළේ ය. පිටසක්වළයා දෙඋර හකුලා සිනා නැගී ය.

“ඔබතුමා ඕක පහත් කර ගත්තොත් හොඳයි….. ඕකේන් මට කළ හැකි දෙයක් නෑ…… මහත්මයා ආයූධය ක්‍රියාත්මක කරල බලන්න මට මූකුත් වෙයි ද බලන්න…. ක්‍රියාත්මක කරන්න!”

පිටසක්වළයා ගැඹූරු සිනාව කාමරය කම්පා කළේ ය. මහාචාර්යවරයා පරාජය ස්වරූපයෙන් රිවෝල්වරය බිම දෑමී ය. පිටසක්වළයා හා සූහද වීම වඩාත් සූදුසූ බව ඔහූට වැටහිණි.

“මට සමාවෙන්න මිත්‍රයා……. මම පරාජය පිළිගන්නව කොහොම නමූත් ඔබත් ඔබේ පිරිසත් තව ටික දිනකින් පෘථිවි තලය විනාශ කර දමාවි. එහෙම නේ ද?”

“පෘථිවිය විනාශ කරන්න අපට උවමනා නෑ……… අපේ මූලික අරමූණ 51 කලාපය විනාශ කර දෑමීමයි. තවත් පරමාර්ථ තියෙනවා”

“මොනවා…… ඇයි එහෙනම් මේ තරම් දුරට විනාශයක් කළේ. අපේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන දෑනටමත් පිටසක්වළයෝ විනාශ කර දාල”

“අපට අවශ්‍යයි 2600 මිනිසූන් ගේ අභ්‍යවකාශ තාකෂණය මූලින් උපූටා දෑමීමට”

“ඕ… එහෙනම් ඒකයි පරමාර්ථය”

මහාචාර්යවරයා සෙමින් පැවසී ය.

“සත්තකින් ම අපි අපේ බලය ටිකක් විදහා පෑවා…. අපි පෘථිවියත් එක්ක යූද්ධයකට පැටළුනේ ඒකයි. කොහොම වූණත් තව ටික කාලයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථාන විනාශ වෙලා යවි. ලෝකයේ නිකරුණේ නාස්ති කරන මූදල් ඉතිරි වේවි. අනවශ්‍ය අන්දමින් කරන අභ්‍යවකාශ පර්යේෂණ කරන්න බැරි වේවි. අභ්‍යවකාශ තාකෂණයෙන් පිස්සූ වැටිල ඉන්න මිනිස්සූ සූව වේවි.”

“ඒක ද විශාල මියදමකින් ගොඩනඟපූ තාකෂණික මධ්‍යස්ථාන විනාශ කරන්නේ….. අපේ ගුවන් යානා අතුරුදහන් කරවන්නේ”

පිටසක්වළයා ගේ හිතුවක්කාර කතාව මහාචාර්ය නෙල්සන් චංචල කරවී ය.

“ඔව්. පෘථිවිවාසීන් ගේ පැවැත්මටත් ජෛවගෝලයේ පැවැත්මවත් 2600 වකවානූවට අභ්‍යවකාශ තාකෂණය අවශ්‍ය වෙන්නේ නෑ. මහාචාර්යතුමා….. ඒ තුළින් මිනිසූන් අයූතු ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරනවා. වැඩකට නැති ග්‍රහලෝක ගැන හොයන්න ගන්න වෙහෙස ගැන නම් හරිම කණගාටූයි. අභ්‍යවකාශ තාකෂණය අයූතු ලෙස පාවිච්චි කිරීම නතර කිරිමට තියෙන එක ම ක්‍රමය ඒවා විනාශ කරන එක පමණයි.”

මහචාර්ය නෙල්සන් නිහඬ කිරීමට ඔහූ පැවසූ කරුණූ සමත් විය. මද වේලාවකින් පිටසක්වලයා ඇමතු මහාචාර්්‍යවරයා ගැඹූරින් කතා කළේ ය.

“හොඳයි ඔබ කියන දේ හරි වෙන්න පූළුවන්. ඒත්….ඒත්…. පිටසක්වළයින්ට පෘථිවියට අත තියන්න තියෙන අයිතිය මොකක් ද?”

“පිටසක්වල ජිවීන්…..! අයිතිය මොකද් ද…! මම කිව්ව ද පෘථිවිය ආක්‍රමණය කළේ පිටසක්වළයින් කියල.”

“මොනවා…..! එහෙනම් ඔබ පිටසක්වළයෙක් නොවෙයි ද?”

මහාචාර්වරයා පූදුමව තම ඇහි බැම් එසවී ය.

“ඔබ මෙච්චර වෙලා මට පිටසක්වළයෙක් කීවත් මම පිටසක්වළයෙක් නෙමෙයි……. අපි 2600න් පස්සේ වසර ලකෂ ගණනක ඉහත අනාගතයේ ජිවත් වෙන මිනිස්සූ. අපි අධි තාකෂණයෙනූත්……. අධි මානසික බලයෙනූත් සෑහෙන දුරට දියූණූයි. අපි කාලතරණය ඔස්සේ අතීතයට ඇවිත් අතීතයේ වැරදුණූ තැන් හරි ගස්සනවා. එපමණයි!”

මහාචාර්ය නෙල්සන් හොප්කිංට තම දෙපා පණ නැති වන බවක් දෑනිණි.

කේ. එම්. දිමූතු ඉඳුනිල්

ආනන්ද ශාස්ත්‍රාලය

මතුගම