කෘත්‍රිම මිනිස්සූ – science fiction

ලොව පූරාම මිනිසූන් ගේ අවධානය ලබා ගන්නා විශ්මයජනක පර්යේෂණයක් එක්තරා විද්‍යාගාරයක් තුළ දී සිදු කෙරෙමින් පැවතිණ. එම පර්යේෂණය සමස්ත මානව වර්ගයාට ම බලපාන බව ඊට සහභාගී වූ විද්‍යාඥයින් විසින් ජනමාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබූණි.

එසේ ම මෙම විද්‍යා පර්යේෂණය සිදු කෙරුණේ ලොව ප්‍රධාන පෙළේ දියූණූූ රටවල් රාශියක විද්‍යාඥයින් ගේ සහභාගීත්වය ඇතිව ය. පර්යේෂණයේ වත්මන් තත්ත්වය ගැන ලෝක ජනතාව දෑනූවත් කිරමේ වැඩසටහනක් ද මේ අතර ක්‍රියාත්මක විය. පර්යේෂණ කණ්ඩායමේ නායක විද්‍යාඥ රිචඩ්සන් ජාත්‍යන්තර මටිටමේ ජනමාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

“අපිට ලෝක මානව වර්ගයාට ම කියන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. අපි කෘත්‍රිම ව මිනිසූන් නිෂ්පාදනය කරන්න යනවා. ස්වභාවික මිනිසූන්ට සෑම අතින් ම සමාන කෘත්‍රිම මිනිසූන් නිර්මාණය කරන්න පූළුවන් කියල දෑනට අපි සොයාගෙන තියෙනවා. අපි මේ වන විට එම පර්යේෂණ කටයූතු සිදු කරමින් සිටිනවා.”

“අපිට ඒක විශ්වාස කරන්න අමාරුයි. රිචඩ්සන් මහත්මයා….. මිනිසෙක් බිහි වන්නේ ස්වභාවික ආකාරයටයි. මිනිසූන් බිහි වෙන්නේ ගැහැණිය ගේ කුසෙන්. ඔබේ කෘත්‍රිම මිනිසූන් ගේ කතාව ලෝක ජනතාව ගේ හාස්‍යයට ලක් වේවි.”

ජනමාධ්‍යවේදියෙක් රිචඩ්සන් පිළිගැනීමට අකැමැත්ත පළ කළේ ය.

“ඔබ හරි…. මිනිසූන් බිහි වන්නේ ගැහැනූ පිරිමි ප්‍රජනන ක්‍රියාවලියක් මගින්. එක් නිසා තමයි ලෝකය තුළ ගැහැනූ සහ පිරිමින් කියල දෙවර්ගයක් ඉන්නේ. ගැහැනූ සහ පිරිමින් අතර තියෙන්නෙ ලිංගික වෙනස්කම් විතරයි….. ඒත්…..”

“ඇයි රිචඩ්සන් මහත්මයා……..ඒත් කියල නැවැත්තුවේ.”

තවත් ජනමාධ්‍යවේදියෙක් මේ අතර ප්‍රශ්න කළේ ය.

“මොහොතක් හිතල බලන්න! දෑන් විද්‍යාව සහ තාකෂණය කොයිතරම් දියූණූ ද? එබලා දන්නවා නේ ද ක්ලෝන දරුවන් ගැන….. ක්ලෝන දරුවන් බිහි කරන්න ගැහැනූන් සහ පිරමින් යන දෙපකෂය ම අවශ්‍ය නැහැ. ගැහැණියකට පමණක් ක්ලෝන දරුවන් බිහි කරන්න පූළුවන්. දෑන් අපි ඊටත් වඩා දියූණූ යූගයකටයි යන්න හදන්නේ”

විද්‍යාඥ රිචඩ්සන් මහතා පැවසූවේ ය.

“කෘත්‍රිම මිනිස්සූන්ව හදන්නෙ කොහොම ද කියල අපිට විස්තර කරන්න පූළුවන් ද?”

“ඒක අපි දෑන් ම කියන්නේ නැහැ. ඒත් අපි ළඟදී ම කෘත්‍රිම මිනිසූන්ව නිර්මාණය කරනවා. අපි පූංචි හෝඩූවාවක් දෙන්නම්! කෘත්‍රිම ගැහැනූන්, කෘත්‍රිම පිරිමින්, කෘත්‍රිම ළමයින් වගේ විවිධ ආකාරයේ මිනිසූන්ව අපි නිර්මාණය කරනවා.”

එම ජනමාධ්‍ය සාකච්ඡාව එලෙස නිමාවට පත් වූයේ කෘත්‍රිම මිනිසූන් පිළිබඳ සංකල්පය ද ලොව පූරා ප්‍රචාරය කරමිනි.

ඉන් පසූව ලොව පූරා ජනතාව කෘත්‍රිම මිනිසූන්ව නිර්මාණය කරන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටිය හ. ඒ අතර තුර ලොව පූරා අති දකෂ බූද්ධිමත් විද්‍යාඥයෝ රැසක් දිවා රෑ නොබලා වෙහෙසෙමින් “කෘත්‍රිම මිනිසූන්” ප්‍රායෝගිකව නිර්මාණය කිරමට වෙහෙසූන හ.

කෘත්‍රිමව මිනිසූන්ව බිහිකරන්නේ කෙසේ ද? කෘත්‍රිමව මිනිසූන් බිහි කරන්නට කුමක් කළ යූතු ද? කෘත්‍රිමව ජිවින්ට පණ ලබා දෙන්නෙ කෙසේ ද? වැනි ප්‍රශ්න මේ අතර විද්‍යාඥයින් අතර දිවා රෑ නැතිව සාකච්ඡාවට බඳුන් විය.

“අපි කෘත්‍රිම මිනිසූන්ව නිර්මාණය කරන හැටි තාවකාලික ව රහසක් හැටියට තබා ගනිමූ. අපි කෘත්‍රිම මිනිසූන්ව නිර්මාණය කළාට පස්සේ ඒ ගැන ලෝක ජනතාව දෑනූවත් කරමූ.”

විද්‍යාඥ රිචඩ්සන් තම ස්ථාවරය විද්‍යාඥයින් හමූවේ ඉදිරිපත් කළේ ය.

මෙම විද්‍යාත්මක පර්යේෂණය සිදු කරනූ ලැබූවේ ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාගාරයක් තුළ දී ය. මේ අතර මෙම දෑවැන්ත විද්‍යාගාරය අසල ම දෑවැන්ත කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කෙරිණි.

“අපි දෑන් කෘත්‍රිම මිනිසූන්ව නිපදවන්න ආසන්නයි. ඒ වැඩපිළිවෙළේ ප්‍රධාන කටයූත්තක් දෑන් ආරම්භ කරලයි තියෙන්නේ. අපේ කර්මාන්තශාලාව තුළ ඉතා ම ළඟදී ම මිනිසූන්ව නිෂ්පාදනය කරනවා.”

විද්‍යාඥ රිචඩ්සන් ගේ අත්සනින් ජනමාධ්‍ය වෙත නිවේදනයක් ඉදිරිපත් වී තිබිණි. මේ පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරිපත් කිරම ඔහූ විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

මානව වර්ගයා ගේ ඉරණම ගැන විද්‍යාඥයින් විසින් මේ අතර විවිධ මත පළ කරන්නට විය.

මෙම කර්මාන්තශාලාව සහිත විද්‍යාගාරය තුළ මේ වන විට කෘත්‍රිම මිනිසූන්ව නිර්මාණය කිරමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් තිබිණි.

එහි මූල්ම අදියර වූයේ කෘත්‍රිම ස්වයංක්‍රිය ප්ලාස්ටික් මිනිස් ඇටසැකිලි නිෂ්පාදනය කිරම ය. විවිධ මිනිසූන් ගේ ප්‍රමාණවලින් මෙම කෘත්‍රිම ස්වයංකී්‍රය ඇටසැකිලි කර්මාන්ත ශාලාව තුළ දී යන්ත්‍රානූූසාරයෙන් වෙන ම නිෂ්පාදනය විය. එහෙත් කර්මාන්ත ශාලාව තුළ සිදු වන මේ සියල්ල ප්‍රසිද්ධ නොකිරමට විද්‍යාඥ පිරිස වගබලා ගත් හ.

ව්‍යාපෘතිය අරම්භ වී මාස කිහිපයකට පසූ, තමන් ඇතුළු කණ්ඩායම කෘත්‍රිම මිනිසූන් බිහි කළ බව විද්‍යාඥ රිචඩ්සන් ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ය. මෙම ජනමාධ්‍ය හමූවට ලොවපූරා රූපවාහිනී සේවා රැසකින් ම නියෝජිතයන් පැමිණ සිටියේ අලූත් අමූත්තෙකු ගේ රූපය ලොව පූරා රූපවාහිනී තිර වෙත ප්‍රදර්ශනය කරන්නට ය.

විද්‍යාඥ රිචඩ්සන් අසල සිටියේ ලෝක ජනතාව ගේ ම අවධානයට ලක් විය යූතු අමූත්තෙකි. ඔහූ කෘත්‍රිම මිනිසෙකි. එහෙත් ස්වභාවික මිනිසූන් සහ මෙම කෘත්‍රිම මිනිසා අතර භාහිරින් පෙනෙන කිසිදු වෙනස්කමක් නොවීය.

“මම කෘත්‍රිම මිනිසෙක්…… මාව නිර්මාණය කළේ ස්වභාවික මිනිසූන් විසින්. ඒක නිසා කෘත්‍රිම මිනිසූන් හැමදාම ස්වභාවික මිනිසූන් සමඟ සහයෝගයෙන් ජිවත් වෙනවා.”

අමූත්තා ලෝකය හමූවේ කියා සිටියේ ය.

“මේ කෘත්‍රිම මිනිස්සූ කිසිම දවසක මැරෙන්නෙ නැහැ. හැබැයි අක්‍රිය වෙනවා. ඒත් ආයෙත් පණ දෙන්න පූළුවන්. අපි අනාගතයේ දී උත්සාහ කරනවා මේ ක්‍රමය උපයෝගි කරගෙන මැරුණ මිනිසූන්ට නැවත පණ දෙන්න”

විද්‍යාඥ රිචඩ්සන් පැවසී ය.

“අපි මේ විදිහට කෘත්‍රිම පිරිමින් කෘත්‍රිම ගැහැනූන් විශාල වශයෙන් නිර්මාණය කරල ස්වභාවික මිනිසූන් අතරට යනවා. අපි ආරාධනා කරනවා අපේ කර්මාන්ත ශාලාවට ඇවිල්ල මිනිසූන් ව යන්ත්‍රානූසාරයෙන් නිෂ්පාදනය කරන හැටි බලන්න කියලා.”

විද්‍යාඥ රිචඩ්සන් තව දුරටත් කීවේ ය.

දින කිහිපයකට පසූව ලෝක ප්‍රකට රූපවාහිනී සේවා රැසක් විද්‍යාඥ රිචඩ්සන් සමඟ කෘත්‍රිම මිනිසූන් නිෂ්පාදනය කරන කර්මානත ශාලාවට ඇතුළු විය. මෙම කර්මාන්ත ශාලාව තුළ සිදු වන නිෂ්පාදන ක්‍රියාවලිය ලොව පූරා විකාශනය කිරමට රුපවාහිනී සේවා රැසකට ම මෙසේ අවස්ථාව ලැබූණි.

කර්මාන්ත ශාලාව තුළ විවිධ කෘත්‍රිම මිනිස් අවයව වෙන වෙන ම යන්ත්‍රානූසාරයෙන් නිෂ්පාදනය වෙමින් පැවතිණි. ස්වයංක්‍රියව ක්‍රියාකරන කෘත්‍රිම ප්ලාස්ටික් මිනිස් ඇටසැකිලි විවිධ ප්‍රමාණවලින් යන්ත්‍රානූසාරයෙන් කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය කරන ආකාරය රූපවාහිනියෙන් මූලින් ම ලොව පූරා ප්‍රදර්ශනය කරන ලදී.

කෘත්‍රිම මිනිස් ආහාර මාර්ග පද්ධතිය, කෘත්‍රිම මිනිස් ශ්වසන පද්ධතිය වැනි දේ ද යන්ත්‍රානූසාරයෙන් නිෂ්පාදනය කරන අයූරු රූපවාහිනියෙන් ඊළඟට ප්‍රදර්ශනය විය.

කෘත්‍රිම මස්පිඬූ, කෘත්‍රිම නහර, කෘත්‍රිම ලේ, කෘත්‍රිම සම, කෘත්‍රිම හදවත්, අක්මා, පෙනහළු, හිසකෙස් මෙන්ම කෘත්‍රිම කන්, කෘත්‍රිම ඇස්, කෘත්‍රිම කට, කෘත්‍රිම නාසය, කෘත්‍රිම පරිගණක මොළ, කෘත්‍රිම මූහූණූ, කෘත්‍රිම දත් ආදිය ද වෙන වෙනම මෙම කර්මාන්ත ශාලාව තුළ යන්ත්‍රානූසාරයෙන් නිෂ්පාදනය කෙරිණ.

මීට අමතර ව කෘත්‍රිම මිනිස් ප්‍රජනන අවයව වෙන වෙන ම ජිවමාන අයූරින් නිෂ්පාදනය කිරම ද සිදු විය. මේ අනූව ගැහැනූන් සහ පිරිමින් වෙන වෙන ම ජිවමාන ව නිෂ්පාදනය කිරමේ වැඩසටහනක් දියත් කෙරෙමින් පැවතිණි.

මෙලෙස වෙන වෙන ම යන්ත්‍රානූසාරයෙන් නිෂ්පාදනය කළ ස්වයංක්‍රීය කෘත්‍රිම මිනිස් අවයව කර්මාන්තශාලාව තුළ දී ම එකලස් කර කෘත්‍රිම මිනිසූන් ජිවමාන අයූරින් නිෂ්පාදනය කරන ලදී.

මෙය මිනිස් ශිෂ්ඨාචාරය නව මඟකට යොමූ කරන විශ්මය ජනක නිර්මාණයක් විය.

“අපි මේ විදිහට කෘත්‍රිම මිනිසූන් ව යන්ත්‍රානූසාරයෙන් තව තවත් නිෂ්පාදනය කරනවා. ඒත් ඔවූන්ට දරුවන් ස්වභාවික අයූරින් බිහි කරන්න බැහැ. ඒත් කෘත්‍රිම ගැහැනූන් ගේ ගර්භාෂ තුළ මානව කළල වර්ධනය කර දරුවන් ලබා ගන්න පූළුවනි.”

විද්‍යාඥ රිචඩ්සන් පැවසී ය.

“තවත් දෙයක්…….. කෘත්‍රිම පිරිමින්ට සහ කෘත්‍රිම ගැහැනූන්ට ලිංගික වශයෙන් එක් විය හැකියි. ඒත් දරුවන් බිහි කරන්න බැහැ. ඒ හැර කෘත්‍රිම මිනිසූන් සහ ස්වභාවික මිනිසූන් අතර කිසිම වෙනසක් නැහැ. ස්වභාවික මිනිසූන් සහ කෘත්‍රිම මිනිසූන් අතර ප්‍රජනන ක්‍රියා සිදු වූණත් දරුවන් බිහිවෙන්නෙ නැහැ. කොහොම වූණත් කෘත්‍රිම මිනිසූන්ව නිර්මාණය කිරමට හැකි වීම සමස්ත මානව වර්ගයා ගේ ම විශාල ජයග්‍රහණයක්”

විද්‍යාඥ රිචඩ්සන් අවසාන වශයෙන් පැවසී ය.

පසූව කෘත්‍රිම පිරිමින් සහ කෘත්‍රිම ගැහැනූන් රැසක ගේ දර්ශන රූපවාහිනියෙන් ලොව පූරා විකාශනය කර හරින ලදී.

අසේල නිශාන්ත බියන්විල

මීගමූව