චිත්ත වෛරසය – science fiction

තාප පරාවර්තක වීදුරු වහල නිසා, සූර්යයන් දෙදෙනා ගෙන් නික්මෙන දෑඩි හිරු රැසින් ආලෝකවත් වූව ද, රාජකීය මන්ත්‍රණ සභාව තුළ පැවතියේ සෞම්‍ය සිසිලසකි. රාජ්‍ය නිලධාරහූ, ආරකෂකයින් විසින් පිරිවරණ ලදුව සභා ගර්භය දෙපස රැස් වී මහත් ඉවසිල්ලකින් යූතු ව අධිරාජිනිය ගේ සැපත් වීම අපේකෂාවෙන් බලා සිටිති.

යාන්ත්‍රික සේවිකාවන් විසින් සරසනූ ලැබූ “පාරා”, සූළු මොහොතකින් මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටියා ය. සිරුරට ම සිර වන සේ සකසා ඇති නම්‍යශීලි ලෝහ ඇඳුමට ඇඟේ ලාලිත්‍ය සැඟවිය හැකි බවක් නොපෙනේ. ෙභෙර වාදනය මධ්‍යයේ ඈ ලැසි ගමනින් පියනඟා, මන්ත්‍රණ සභාවේ උස් වේදිකාව මත සිට ගත්තේ සූරපූරෙන් බට දෙවඟනක් ලෙසිනි. මොහොතකට සභාගැබ සිසාරා සිය දෙනෙත් මෙහෙය වූ ඈ එක්වන ම සිය සූරත ඔසවා සිටියා ය. ඇගේ සූරත රැඳි “නේපල්” වළල්ල සූර්යාලෝකය වැදී දිස්න දෙන්නට විය. ඒ මිච්වරුන් ගේ සම්ප්‍රදායික රාජ්‍යත්වය සංකේතවත් කිරමකි. සභාගර්භයේ රැදී සිටි සියල්ලෝ ම දණින් වැටී ඊට ආචාර කරන්නට වූ හ.

අනතුරුව රාජකීය ලීලාවෙන් සිය අසූන අරා හිඳගත් ඈ, අන් අයට ද අසූන් ගන්නා ලෙස සූරතින් සන් කළා ය.

සෙසූ නිලධාරන්, කුමරියට ආචාර කරමින් තම ආසන කරා පා නඟද්දී, “සින් මහල්ලා” පමණක් සූදෝ සූදු යටි රැවූල පිරිමදිමින් සභාගර්භයෙහි රැඳි සිටියේ ය. මහල්ලා මෙසේ හැසිරෙන්නේ, කිසියම් වැදගත් කරුණක් පැවසීමට ඇති අවස්ථාවල දී බව පළපූරුද්දෙන් ම දන්නා “පාරා” කුමරිය ගේ, සූනිල්වන් දෙනයන ඔහූ වෙත යොමූ වූයේ නිතැතිනි. අධිරාජීනිය ගේ බැල්මෙන් ම තමන්ට අවසර ලැබූණූ බව පසක් කරගත් “සින්” දැත් පිටූපසට කර බැඳ ගත්තේ, දිගු කතාවකට මූල පූරන්නට මෙනි. ඔහූ ගේ දෙතොල් සෙල වූණේ නැත. එහෙත් ඔහූ ගේ හඬ ඉතාමත් පැහැදිලි ව සභා ගර්භය පූරා පැතිර යන්නට විය. සින් ගේ සිතිවිලි අති රහසිගත තොරතුරක් අනාවරණය කරන්නට වූයෙන් නිලධාරහූ සිහින් හඬින් කොඳුරමින් එකිනෙකා දෙස බලන්නට වූ හ. පාරා ගේ ඉරියව්වලින් පෙනෙන්නට තිබූණේ ඇයට ද එය අදහාගත නූහූණූ බව ය.

මහල්ලා සිය නළල රැළි ගන්වමින් මොහොතක් බලා සිටියේ ය.

“කුමරියනි, මා දන්නවා මෙය විශ්වාස කිරම අපහසූ බව……. ඒත් කැරලි නායක “යාතක්” එවැන්නක් යවා තිබෙන බවට ආරකෂක අංශ සහතික කරනවා….”

සින් ගේ හඬ සිය හිස තුළ නැඟෙද්දී පාරාට දෑනූණේ එය විය නොහැක්කක් බව ය.

“සින් ඒක මොන වගේ දෙයක් ද….,?”

මෙහි දී පාරා ගෙන් යොමූ වූයේ අනපේකෂිත ප්‍රශ්නයක් නොවූයෙන් මහල්ලා පැකිළීමකින් තොරව පිළිතුරු දෙන්නට වූයේ ය.

“කුමරියනි, ඒකත් සිතිවිලි තරංගයක් ම තමයි, අසාමාන්‍ය එකක් වීම හැරෙන්නට එහි වෙනසක් නෑ…..”

“අසාමාන්‍ය සිතිවිල්ලක්…!”

පාරා ගේ දෙනෙත දෑල් වී තිබිණි.

“ඔව්…… ඒක විකෘති කරන ලද, ප්‍රබල සිතිවිලි තරංගයක්…… ඒකට පූළුවන් ඕනෑ ම බූද්ධිමත් ජීවියෙකු ගේ මනසට බලපෑම් කරන්න. මානසික හැකියාවන් අතින් දුර්වල නම් ඇතැම් විට…… මරණය,…. ඔවූන්ට ලැබෙන හොඳම තෑග්ග වේවි….”

මඳක් නැවතුණූ සින්, ජීවිත කාලය පූරාවට ම උමතුවෙන් ඉන්නවට වඩා ….. යැ යි ඊට තවත් කොටසක් එකතු කළේ ය.

පාරා එවැන්නක් ගැන අසා තිබූණේ මිච් ජනප්‍රවාදවලින් පමණි. දෑඩි මූරකාවල් මැඳ රඳවා සිටින “යාතක්”, කෙතරම් බලවතෙකු වූව ද ඔහූට මෙවැන්නක් කළ හැකි යැ යි ඇයට විශ්වාස කළ හැකි නොවී ය. ඒ බැව් දෑනගෙන මෙන් මහල්ලා ගේ සිතිවිලි නැවතත් පණ ලබන්නට විය.

“මේක සිද්ධ වෙලා තියෙන්නේ ඊයේ රාත්‍රියේ… ඔහූ ගේ අවධානය නාභිගත වීම වළක්වන ආරකෂක පද්ධතිය මොහොතකට බිඳ වැටූණූ වෙලේ තමයි යාතක් ඒක යවලා තියෙන්නේ…”

“ඉතින් ඇයි එයා මේ වගේ දෙයක් කරන්නෙ…… ඔහූට අවශ්‍ය රාජ්‍ය බලය පැහැර ගන්න නම්…… කරන්න තිබූණේ ආරකෂකයින් මරල දාලා රැඳවූම් කුටියෙන් පැනල යන එක නොවෙයි ද?”

සිතෙහි නැඟෙන නොසන්සූන් බව මැඩ ගන්නට අපොහොසත් වූ පාරා, නැවතත් සින් දෙස බලා සිටින්නට වූයේ පිළිතුරක් අපේකෂාවෙනි.

ඇගේ නව යොවූන් චිත්තය තේරුම් ගැනීම, මිව් රාජ වංශයට පූරා ශත වර්ෂ දෙක හමාරකට අධික කාලයක් තිස්සේ සේවය කරන, සින් මහල්ලාට එතරම් අපහසූ කරුණක් නොවී ය. හේ පියෙකු ගේ සෙනෙහසින් යූතුව ඇය අමතන්නට වූයේ මඳහසක් මූවඟ රඳවාගෙන ය.

“මගේ කුමරියනි…… මිනිහා මූලින් ම උත්සාහ කරල තියෙන්නේ ඒ දේ කරන්නයි… ඒත් ඔහූට බැරි වූණා අපේ ආරකෂකයින් පරාද කරන්න. සෑහෙන වේලාවක් තිස්සේ චිත්ත සටන පවතිද්දී තමන් පරදින්න යන බව දෑනගත් විටයි යාතක්, එක් මූදා හැරල තියෙන්නේ.”

“ඒකත් එහෙම ද ….? ඒත් මං හිතනවා ඔහූව පරාද කළ නිසා එයින් කාටවත් අනතුරක් වෙන එකක් නෑ කියල….”

පාරා ගේ දිගැටි මූහූණේ සිහින් සිනහවක් ඇඳි ගියේ සියලු ප්‍රශ්න අවසන් යැ යි ඇය සිතූ නිසා විය යූතු ය. එහෙත් එහි බරපතලකම පිළිබඳ ව ඇයට වැටහීමක් තිබූණේ නම්, ඇය එසේ සිනහ නොවීමට ඉඩ තිබිණි.

බැරෑරුම් බවක් මූහූණට නඟා ගත් මහල්ලා නැවතත් සිය රැවූල පිරිමදින්නට වූයේ දෙබැම නඟාගෙන ය. පාරා ගේ වූවන නැවතත් අඳුරු විය. එසේ නම් එය ඇය සිතුවාට වඩා බරපතල කාරණයකි. ඇයට වචන ගලපා ගැනීමට ද අපහසූ බවක් දෑනිණි.

“උපදේශකතුමා….. එතකොට….. ඔබතුමා කියන්න හදන්නේ…..”

“ඔව්….. කුමරිය….. තත්ත්වය ඔබ හිතුවාට වඩා බරපතලයි. මේක මිච්වරුන්ට බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. යාතක් ඒක යවලා තියෙන්නේ සමූදුරු ලෝකෙට…..”

අධිරාජිනිය ගේ යොවූන් වූවනෙතෙහි රැඳුණේ විකෂිප්ත බවකි.

“ස..මූ…දු..රු…. ලෝකෙට….!”

පාරා එය ම පූනරුච්ඡාරණය කරන්නට වූයේ කිසිවක් සිතාගත නොහැකි ව ය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

සභා ගැබෙහි රැඳී තිබූණේ දෑඩි නිහැඬියාවකි. සින් මහල්ලා ඒ නිහැඬියාව අතරින් සභා ගර්භයෙහි ඔබමොබ සක්මන් කරමින් සිටියි. ඔහූ ගේ දිගු ලෝගුවක් වැනි ඇඳුම ද, ඔප දමන ලද “දීතු” පාෂාණ ඇල්ලු පොළොව මත ඇඳෙන්නට වූයේ, ඔහූ ගේ පියවර අනූගමනය කරමිනි.

“මං හිතන්නේ කුමරිය අහල නැතුව ඇති මිව් රාජ වංශයේ පූරාවෘත්තය ගැන…”

සින් ගේ දැස අධිරාජිනිය වෙත යොමූ වී තිබේ. පාරා හිස සැලුවේ ඈ එවැන්නක් අසා නොමැති බව ඇඟවීමට ය.

“ඒක සිද්ධවෙලා තියෙන්නේ, කුමරිය ගේ සීයාගෙත් සීයගෙ පාලන කාලේ දී…… ඒ කාලේ මිච්වරුන් බොහොම නොදියූණූ ජාතියක්…. ඒත් බිනෝ රජතුමා ගොඩක් බූද්ධිමත් කෙනෙක්…. එතුමා මිව් ජාතිය ගොඩනඟන්න සෑහෙන මහන්සි ගත්තා. ඒ අතරේ දී දවසක එතුමට අහසින් ආ හඬක් ඇහූණා…. ඇත්තට ම ඒ හඬ ආවේ, චිත්ත කාල තුනක දුරක ඉඳන්…..”

මඳ විරාමයක් ගත් සින් සභාවේ සිටියවූන් දෙස වූවමනාවෙන් යූතුව බැල්මක් හෙළී ය. ඔවූන් ගේ අවධානය තමා වෙත බැව් සැක හැර දෑන ගත් හේ, නැවතත් සිතිවිලිවලට පණ දෙන්නට වූයේ ය.

“අද මිච්වරුන් වන අපි මේ තරම් දියූණූවක් ලබල තියෙන්නේ, බිනෝ රජතුමාට ඇහූණූ ඒ හඬ නිසයි. මනස දියූණූ කිරිමෙන් භෞතික බලවේග ජයගත හැකි බව අපට පෙන්වල දුන්නේ වෙන කිසිවක් නෙමෙයි… ඒ හඬමයි… මිච්වරුන් ඒ හඬට සදා ණයගැතියි….”

මහල්ලා සිය දැත් විහිදා වීදුරු වහල තුළින් අහස දෙස හෙළුවේ ගෞරවාන්විත බැල්මකි.

“ඒ දිව්‍යමය හඬ….. ඔව්…… එක් අවේ වෙන කොහෙන්වත් නෙමෙයි…. සමූදුරු ලෝකෙන්….. යාතක් එක් දෑනගෙන හිටියා….. අපෙන් පළිගන්න බැරි තැන ඔහූ කළේ ඒ විනාශකාර බලවේගය සමූදුරු ලෝකය වෙත මූදාහරින එක….”

සින්ට කතාව අවසන් කිරමට නොලැබිණි. එවිට ම වාගේ ප්‍රධාන ආරකෂක නිලධාරියා ගෞරව සම්ප්‍රයූක්තව නැගී සිටියේ ය.

“කුමරිය… මටත් ප්‍රශ්නයක් අහන්න අවසර ද…?”

පාරා ඊට අවසර දෙමින් හිස සැලුයෙන්, හේ මහල්ලා වෙත හැරුණේ ය.

“උපදේශකතුමා….. ඔබතුමා එහාට ගිහින් තියෙනව ද…..?”

මොහොතක් ඔහූ දෙසා බලා සිට, ඊට පිළිතුරක් දෙනූ වෙනූවට මහල්ලා කළේ සක්මන නවතා සභා ගැබ මැද නතර වී දෙනෙත් පියා ගැනීම ය. කෂණියකින් ඔවූන් ඉදිරියේ වූ අවකාශය තුළින් විනිවිද පෙනෙන, සිතිවිලි ප්‍රක්ෂේපණ තිරයක් මතු වූයෙන්, මන්ත්‍රණ සභාව තුළ රැස්ව සිටියවූන් ගේ අවධානය එදෙසට යොමූ වූයේ නිතැතිනි.

වඩාත් අඳුරු පැහැයක් ගත් එහි, ක්‍රමයෙන් කුඩා තිත් සහ ආලෝක ඉරි මතුවන්නට විය. මඳින් මඳ විශාල වෙමින් පැවති එම තිත් සහ ඉරි, තරු පොකුරු සහ මන්දාකිණි බව පෙනෙන්නට තිබූණි. ඔවූන් බලා සිටියදීම වාගේ එහි වූ එක් මන්දාකිණියක් වඩා විශාල වී, අවසානයේ ප්‍රක්ෂේපණ තිරය අරා පැතිර යන්නට විය. සෙමෙන් භ්‍රමණය වන බවක් පළ කළ මන්දාකිණියේ ගෝලාකාර මධ්‍යය තරු කැටවලින් ගැවසී ගෙන, වඩා දීප්තිමත් කහ සූදු පැහැයෙන් දිස් වන්නට විය. මන්දාකිණියේ එක් සර්පිලාකාර බාහූවක් වෙත නාභිගත වීම සිදු වෙමින් පැවතිණ. අන්තර්තාරය මාධ්‍යය දෙබෑ කරමින් පූළුල් වන්නට වූ දර්ශනයේ ඊළඟට මතු වූයේ මධ්‍යම ප්‍රමාණයේ සූර්යයෙක් සහ එය පිරිවරා ගත් ග්‍රහ මණ්ඩලයකි. තවදුරටත් පූළුල් වන්නට වූ දර්ශනය කෙමෙන් කෙමෙන් හිරු දෙසට ඇඳි යන බවක් පළ විය. අවසානයේ තිරය මත සටහන් වූයේ, නිල් සූදු පැහැයෙන් බබලන ජීවයෙන් පිරිපූන් ග්‍රහලොවකි.

හිරු ගේ සිට තෙවැන්නා වූ එහි, දරුවා ලෙස සැලකිය හැකි අළු පැහැ කුඩා ගෝලාකාර වස්තුවක් ද, දර්ශනයෙහි පසෙකින් අඳුරු අවකාශයෙහි ගිලී තිබේ. පාරාට පමණක් නොව සෙසූ නිලධාරන්ට ද මොහොතකට ඇසිපිය හෙළන්නට අමතකව ඇති සෙයකි. සියල්ලෝ ම ඒ මනස්කාන්ත දර්ශනයෙන් වශීකෘත ව, දෙනෙත් දල්වා ගෙන සිටින අතරේ මහල්ලා ගේ හඬ නැවතත් ඔවූන් තුළින් මතුව එන්නට විය.

“මේ තමයි සමූදුරු ලෝකය….. ඔය සූදු පාට වළාකුළුවලට යටින් තියෙන්නෙ… ම්…හ්( ආ….”

හදිසියේ ම කිහිපවරක් ගැස්සී යන්නට වූ දර්ශනය, මොහොතකින් සිතිවිලි ප්‍රක්ෂේපණ තිරය ද සමඟින් අතුරුදන් විය. සින් දෙඅතින් මූහූණ වසා ගෙන බිමට නැඹූරු වී සිටියේ ය. පාරා මූලින් සිතුවේ, සිතිවිලි ප්‍රක්ෂේපණය සඳහා චිත්ත ශක්තියෙන්, වැඩි කොටසක් වැය වීම නිසා ඔහූ දුර්වල වන්නට ඇති බව ය. එහෙත් හිස එස වූ කල ඔහූ ගෙන් පළ වූයේ, වෙහෙසකර බවකට වඩා, දෑඩි දොම්නසකට පත් ව ඇති බවකි. ඈ මහත් කණගාටූවකින් යූතුව සිය උපදේශකයා, ගුරුතුමා සහ එකම ඥාතියා දෙස දෙනූවන් විඳහා බලා සිටින්නට වූවා ය. අවසානයේ සභා ගැබ පූරා රජ කළ නිහැඬියාව බිඳිමින් පාරා ගේ මියූරු ස්වරය සින් ගේ සවන්පත් සොයා එන්නට විය.

“උපදේශකතුමා…… ඇයි මේ..,,? මං මීට කලින් කවදාවත් ඔබතුමාව මේ විදියට දෑකල නෑ…..”

සින් මහල්ලා, මොහොතක් සිටි ඉරියව්වෙන් ම සිට දැස් අඟ නළියමින් තිබූ කඳුළු කැට දෙකක් දෙඅතින් පිස දමමින් පාරා වෙත හැරුණේ, ගැඹූරු හූස්මකින් ළය සැහැල්ලු කර ගන්නා අතර ය.

“මට කණාගටූ, වෙන හේතුවක් නිසා නෙමෙයි කුමරිය…, ගෝලයින් නිසා ගුරු ගෙදර විනාශ වෙන්න යන එක මට දරා ගන්න අමාරුයි…”

“ඒත් සින්…… අපටත් ගුරහරුකම් දෙන්න පූළුවනි නම්, ඔවූන් ගොඩක් දියූණූ ජාතියක් වෙන්න ඕන නේ ද? ඔවූන්ට පූළුවන් වේවි ඒකට විරුද්ධව සටන් කරන්න….”

පාරා කීවේ මහල්ලා අස්වසන ස්වරයෙනි.

සින් හිස දෙපසට වනන්නට වූයේ එය නොපිළිගන්නා බවක් පළ කරමිනි.

“නැහැ….. කුමරිය, ඔවූන්ට බැහැ ඒකට විරුද්ධව සටන් කරන්න. අපටත් ගුරු හරුකම් දෙන කාලේ, තිබූණූ ආධ්‍යාත්මික දියූණූව දෑන් ඔවූන් ළඟ නැහැ. ඔවූන් බොහොම දුර්වල ජාතියක් බවට පත්වෙලා. මානසික හැකියාවන් අතින් බොහොම පහළ තලයකයි ඔවූන් දෑන් ඉන්නේ…. මට දුක ඒකයි…. මේකෙදි අපට ඔවූන් වෙනූවෙන් කළ හැකි කිසිම දෙයක් නෑ….. දෑන් ඉතින් ඔවූන් එකිනෙකා මරා ගනිවී. ඒ අපූරු ලෝකයට ගිනි තියාවි….. ඒත් මට සැක ඔවූන්ට ඒක අඳුනගන්නවත් පූළුවන් වේවි ද කියලයි…..”

සිය මහලු දෙනෙත වීදුරු වහල දෙසට යොමූ කළ මහල්ලා, පහත් හඬින් තොල් මතුරන්නට වූයේ ය.

“ඒ ගොල්ලෝ දන්නව නම්…..ඒක චිත්ත වෛරසයක් කියල…..”

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

ඈත එපිට පොළොවේ තත්ත්වය බොහෝ සෙයින් දරුණූ වෙමින් තිබිණි. “දුරුත්” ලෝකයේ සිරමැදිරියකින් නිකුත් වූ අති ප්‍රබල චිත්ත වෛරසය ආලෝක වර්ෂ මිලියන ගණනක දුර, තත්පර ගණනකින් ගෙවා මිහිකත වෙත ඇදී ආවේ විනාශයේ අඳුරු සෙවණැලි ද රැගෙන ය. මේ කිසිවක් නොදන්නා මිහිමඬල ද යෝධ ආදායකයක් ලෙස ක්‍රියා කරමින් අනාරාධිත අමූත්තාට පිවිසීමට ඉඩ දී තිබිණි.

බිලියන ගණනක් දෙනා නොදෑනූවත්ව ම වෛරසයේ ග්‍රහණයට හසූ වෙමින් සිටිය හ. මැද පෙරදිගින් ඒකාධිපතියෙකු නැගී එමින් සිටි අතර ඇමෙරිකානූ ජනාධිපතිරවයා බ්‍රිතාන්‍ය, රුසියාව ඇතුළු ව යූරෝපා සංගමයටත්, අප්‍රිකානූ රාජ්‍යයන් කිහිපයකටත් න්‍යෂ්ටික අවි ප්‍රහාරයන් එල්ල කිරමට හදිසියේ ම තීරණය කර තිබිණි. වඩාත් පූදුමය වූයේ ඇමැති මණ්ඩලය ද ඔහූ ගේ තීරණය ඒකමතික ව අනූමත කර තිබීම ය.

වෛරසයේ ග්‍රහණයට හසූ නොවූ සූළුතරයක ගේ අදහස වූයේ කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් මානව වර්ගයා මෙහෙයවනූ ලබමින් සිටින බව ය. එහෙත් ඔවූනට පවා ඒ පිළිබඳ ව සහතික විය හැකි නොවී ය. අනෙක් අතට ඒ පිළිබඳ ව දෑන ගත්තද ඔවූනට ඒ සම්බන්ධයෙන් කළ හැක්කක් ඉතිරි වී තිබූණේ ද නැත.

එය කවදා හෝ සිදු විය හැකි ව තිබූණ ද, මෙපමණ කලින් එවැන්නක් සිදු වනූ ඇතැ යි කිසිවෙකුදු බලාපොරොත්තු නොවූ හ. එහෙත් එය සිදු වෙමින් තිබිණ. ඒ වන විට ද මානව වර්ගයා තවත් ලෝක මහා සංග්‍රාමයකට අවතීර්ණ වෙමින් සිටිය හ.

නිමි.

සන්සරසිදු

මොරටූව