නොවැටහූණ මරණය – science fiction

 

පහළ බාලන්ස පන්තියේ ඉගෙනූම ලබන ඈන් පාසල් විවේක කාලයේ ක්‍රීඩා පිටිය වෙත දිව ගියේ තමා ගේ මිතුරු එරල් සමඟ සූපූරුදු අයූරින් ක්‍රීඩා කිරීමේ අභිලාසයෙන් වූව ද, ක්‍රීඩා පිටියේ පසෙක තිබූණූ කොන්ක්‍රීටි බංකුවකට බර දී විඩාබර ගතියකින් මෙන් සිටි ඔහූ දෑක මඳක් විමතියෙන් ඇය ද එම බංකුව මත වාඩි වූවා ය.

“ඇයි එරල් අද සෙල්ලම් කරන්නේ නැද් ද?”

“නැහැ ඈන්. මගේ ඇඟට පණ නැහැ වගේ…..”

“ඇයි උදේට කෑවේ නැද් ද?”

“කෑවා… ඒත් පණ නැතිව වගේ දෑනෙනවා…”

ඇය තම කුඩා මිතුරු සමඟ විවේක කාලය ගෙවෙන තුරු කොන්ක්‍රිිටි බංකුවට වී කාලය ගත කළා ය. විවේක කාලය හමාර වීමේ සීනූව නාදවෙත් ම ඇය නැගිට සිටියේ ඔහූ ගෙන් සමූගැනීම සඳහා ය.

“එහෙනම් හෙට – අපි සෙල්ලම් කරමූ එරල්”

ඔහූ හෙමිහිට හිස ඔසවා ඇය දෙස බලා යම්තම් සිනහවක් පෑවේ ය. එය ඇය ඔහූ ගෙන් සමූගත් අවසන් සමූගැනීම විය. එදින සිට මාස කිහිපයක් යනතුරු එරල් පාසල් නොපැමිණියෙන් ඔහූ ගැන තොරතුරක් ඈන්ට දෑනගත නොහැකි විය.

නත්තල් සමයේ නිවාඩූ කාලය පැමිණි බැවින් ඈන්, වෛද්‍යවරියක වූ තම මව සමඟ ඇය සේවය කරන රෝහල් සංකීර්ණය වෙත ගියේ මව ගේ සේවා ස්ථානයේ හිතවතුනට තම නිවසේ නත්තල් සාදය සඳහා පැමිණෙන ලෙසට ආරාධනය කිරීම සඳහා ය.

තම මව සමඟ කොරිඩෝව දිගේ ගමන් කර යත් ම හදිසියේ ම ඇයට තම මිතුරු එරල් ගේ මව එහි දී දෑක ගත හැකි විය.

එරල් ගේ මව රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ගන්නා වාටිටූවක් දෙසට යනූ දුටූ ඈන්, තම මවට පවසා එරල් ගේ මව පසූපස දිව ගියේ ඔහූ ගැන විස්තරයක් අසා දෑන ගැනීමේ අරමූණින් යූතුව ය. හදියෙන් එහෙට මෙහෙට ඇදෙන පිරිස අතරින් රිංගා ගොස් ඇය අසලට කිටිටූ වූ ඈන්, ඇගේ අතේ එල්ලි ඔහූ ගැන විමසා සිටියා ය.

තම අතේ එල්ලී විස්තර විමසන තම පූංචි පූතු ගේ කුඩා යෙහෙළිය දුටූ එරල් ගේ මව දෙනෙතින් කඳුළු පූරවාගෙන ඈන් දෙස බලා සිටියා ය.

“මගේ පූතාට සනීප නැහැ දුවේ.”

“එරල් බලන්න මාත් එන්නම් ඇන්ටි…”

මහත් ආදරයෙන් ඈන්ව සිපගත් ඔහූ ගේ මව ඇගේ අතින් අල්ලාගෙන එක් වාටිටූවක් දෙසට පිය මැන්නා ය. එහි ඇතුල්වෙත් ම ඇය දුටූවේ ඇඳේ දිගා වී සිටින එරල් ගේ සීයා යැයි සිතිය හැකි පූද්ගලයෙකි.

එරල් ගේ මව එතනට ගොස් ඔහූ ගේ හිස අතගා මූහූණ සිප කඳුළු පිරි දෙනෙතින් ඈන් දෙසට හැරී ඔහූට ඈන්ව පෙන්වා සිටියා ය.

“මේ ඉන්නේ පූතා ගේ යෙහෙළිය – ඈන්”

රෝගි මහලූ පූද්ගලයා හිස හෙමිහිට හරවා ඈන් දෙස බැලුවේ ය. දුර්වල වී ගිලීගිය දෙනෙත්, දත් හැලී මූඛය ඇතුළට ගිලී ගොස් රැළි වැටී තිබූණූ මූහූණේ මහලූ පෙනූමට සරිලන සේ සූදු වී ගිය කෙස් වැටිය සහිත ඒ හිස වයසක පූද්ගලයෙකු ගේ වූවත් ඇයට දෑනූනේ තමා දන්නා හඳුනන ගතියකි. ඒ නිසා ම ඇය නිශ්ශබ්ද ව ඒ මහලූ රුව දෙස බලා සිටියා ය.

පොරෝණය තුළින් එළියට ඇඳී ආ වැහැරී ගිය රැළි වැටූණූ, දුර්වල අතක් වෙව්ලන ස්වරූපයෙන් හෙමිහිට ඈන් ගේ අතිින් අල්ලා ගනිත් දී කිසිවක් තේරුම් ගත නොහැකි ව ඇය තැති ගැනී අසල සිටි එරල් ගේ මව අසලට ඇදුනා ය.

“ඈන්….”

දුර්වල වූ හඬකින් වයසක පූද්ගලයා හඬ හෙමිහිට පිටකරත් දී ඔහූ ගේ දෙනෙතින් කඳුළු ගලා එනූ ඇයට දෑකගත හැකි විය.

“ඈන්… මම එරල්….”

එරල් ගේ සීයා පිස්සූවෙන් දොඩවනූ ඇතැ යි සිතු ඈන් වටපිට බලත් දී ඒ ඇඳ අසලට පැමිණ සිටි වයසක පූද්ගලයා එරල් ගේ පියා යැ යි ඇයට එත්තු ගියා ය. එසේ නම් එරල් ගේ මවත් පියාත් මේ බලා සිටින තැනැත්තා එරල් ද යනූ ඇගේ සිතට හැඟුණේ ය.

“ඔයා බයවෙන්න එපා ඈන්. මම ඔයා ගේ යාළුවා…”

උඩූකුරුව ඇඳ උඩ නිදා සිටි වයස්ගත පූද්ගලයා ගේ ඉරියව් හා උස මහත එරල් ගේ තරමට වී තිබූණූ නිසා ඇගේ සැකය දුරු වී ගියා ය.

“එරල්…. ඔයා..”

හෙමිහිට හඬ අවදි කළ ඈන්, ඔහූ අසලට ගොස් ඔහූ ගේ අතින් අල්ලා ගත්තා ය.

“මේ මොක ද ඔයා නාකිවෙලා එරල්?….”

ඔහූ ගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට විය. ඒ සමඟ ම කැස්සේ ය. කෙතරම් දරුණූ ලෙසට ඔහූ කැස්සේ ද යත්, එය නැවැත්වීම සඳහා ඔහූ ගේ මවට වෛද්‍යවරයා කැඳවීමට පවා සිදු විය.

ෆෆෆෆෆ

නත්තල් නිවාඩූව හමාර වී අලුත් අවූරුද්දේ පාසල ඇරඹූණූ දා ඈන් පාසල වෙත ගියා ය. එහෙත් එදින ද එරල් පාසල් පැමිණ සිටියේ නැත. සූපූරුදු පරිදි විවේක කාලයේ අවසන් වරට එරල් සමඟ අසූන් ගෙන සිටි කොන්ක්‍රිටි බංකුවට වී කල්පනා කරමින් සිටි ඇය හට අසල දෑන්වීම් පූවරුවේ අලවා තිබූණූ දෑන්වීමක් නෙත ගැටූණා ය.

“සාමදානයෙන් සැතපේවා”

එරල් ජොන්සන් වයිටි

උපත (- 1999 – 10 – 26

විපත (- 2007 – 12 – 28

ශාන්ත මරියා දේවස්ථානය – නිව්යෝක්

ඒ සමඟ ම ඇමෙරිකානූ පූවත්පතක කොටසක් ද එහි අලවා තිබූණේ ය. එහි එරල් ගේ ඡායාරූපය වූ නිසා ඈන් හෙමිහිට එය කියවා සිටියා ය. එහි වූ වැකිය ඇයට නොවැටහූණත් යම් හේතුවක් නිසා එහි වූ වදන ඇගේ සිත පූරා රැව් දුන්නා ය. එහි සටහන් වී තිබූණේ, “ක්ලෝනකරණය නීතියෙන් තහනම් කරනූ” යනූවෙනි.

නිමි.

වෙන්ස්ලි ස්ලෙජර්ස් අනූරපූර