ප්‍රහාරය – science fiction

ලාන්ස් ඇන්ඩර්සන් නිදිගැට කඩමින් අවදි වූයේ එතරම් කැමැත්තකින් නොවේ. ඔහූ ගේ ජංගම දුරකථනය නොනවත්වා ම නාද වෙමින් තිබේ… ඇඳ අසළ වූ විදුලි පහන දෑල්වූ හේ ඔරලෝසූවට එඹූණේ දැස පිස දමමිනි. ඉලෙක්ට්‍රෝනික ඔරලෝසූවේ පෙ. ව. 1.13 සටහන් වී ඇත. මේ රාත්‍රියේ ඔහූ ගේ සූව නින්ද පැහැර ගැනීම පිළිබඳ ව ෆෙඩරල් නියෝජිතයා තුළ ඇති වූයේ නොපහන් හැඟීමකි. ලාන්ස් දුරකථනයට සවන් දුන්නේ උනන්දුවකින් තොරව ය.

“ඔව්…. ඇන්ඩර්සන් තමයි..”

“……….”

“ඔව්….. සර්….. ඔව්..”

“……….”

“මොනවා කොහොම ද ඕක වෙලා තියෙන්නේ…….?”

“…………”

“ඒත් සර්…… මං දෑනට කරගෙන යන පරීකෂණය…?”

ඇමතුම විසන්ධි විය. අනෙක් පසින් ඇසූනේ ඔහූ ගේ ප්‍රධානියා ගේ හඬයි. ලාන්ස් මොහොතක් දුරකථනය ලෙස බලා සිටියේ විකෂිප්ත හැගීමෙනි. දුරකථනය හරහා ඇදී ආ අවසන් වදන් කිහිපය ෆෙඩරල් නියෝජිතයා පියවි ලොවට ගෙන ඒමට සමත් වූ සෙයකි.

“ලාන්ස් මේක ජාතික ආරකෂාව පිළිබඳ ප්‍රශ්නයක්…..”

ලාන්ස්ට දෑනූණේ ඒ හඬ නැවත නැවතත් තම සිතෙහි දෝංකාර දෙන බවකි. එය ජාතික ආරකෂාව පිළිබඳ ප්‍රශ්නයක් නම් සිත සිතා සිටිය නොහැකි ය. ඔහූ වහා හැඳ පැළඳ ගත්තේ ය.

මෝටර් රථයට ගොඩ වූ ලාන්ස්, හැකි වේගයෙන් එය පදවන්නට විය. වරින් වර වාහන, ගොඩනැගිලි හා විදුලි පහන් කණූ ඔහූ පසූකර දිවයයි. එහෙත් ලාන්ස් තුළ ඒ පිළිබඳ ව තැකීමක් නොවීය. ඔහූ ගේ සිතිවිලි විසිරී ඒ මේ අත සැරිසරමින් තිබේ. ප්‍රධානියා ගේ හඬ ඔහූට නැවත නැවතත් ඇසෙන්නාක් මෙනි. කුමක් හෝ දරුණූ යමක් සිදු වී තිබේ, නැතිනම් හදිසි කැඳවීමක් ලැබනේනේ නැත. ජාතික ආරකෂාව පිළිබඳ ප්‍රශ්නයක් නම් එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. පසූගිය කාලය තුළ සිදු වූ සිදු වීම් හේතුවෙන් අල්කයිඩා ත්‍රස්තවාදීන් ගේ හා ඉරාක බෙදුම්වාදී ගරිල්ලන් ගේ ප්‍රධාන ඉලක්කය බවට ඇමෙරිකාව පත්වී ඇතුවාට සැක නැත. එවැනි ප්‍රහාරයන් ඉදිරියේ දී සිදු විය හැකි බවට පෙන්ටගනය ද පසූගිය දිනෙක අනතුරු අඟවා තිබිණ. එක්වරම ඔහූ ගේ සිහියට නැගුණේ සැප්තැම්බර් 11 වන දා ෙ€දවාචකය ය. ඇමෙරිකානූ ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිහිවීමෙන් ඔහූ ගේ ගත සලිත විය. කඩා වැටූණූ ගොඩනැලිගි, දහසක් මිනිසූන් ගේ අදෝනා, ඔහූ ඉදිරියේ සිතුවම් පටක් සේ මැවී පෙනෙන්නට විය. ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ දහස් ගණනක් දෙනා අතරට එක් වූ බිරිඳ සහ දියණිය ලාන්ස් ගේ දෙනෙත් ඉදිරියේ සිටින්නාක් මෙනි. ඔහූ ගේ දැසට කඳුළු උනා ඇත. ඔහූ රිය පදවමින් ම කඳුළු පිස දෑම්මේ මෙය තවත් එවැනි මිලේච්ඡ ප්‍රහාරයක් නොවේවා යි පතමිනි.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

ගමනාත්තයට ළඟා වන විට වේලාව පෙ. ව. 9.30 පමණ වී තිබිණ. එක දිගට නොනවත්වා ම ධාවනයේ යෙදුණූ බැවින් ලාන්ස්ට දෑඩි වෙහෙසකර බවක් දෑනෙමින් තිබිණ. ඔහූ ගේ සිතට සහනයක් දෑනූණේ උදැසන කාර්ය බහූල වූ මහා මාර්ග දෑකීමෙනි. නගරය සූපූරුදු ලෙස ම දෛනික වැඩකටයූතුවල ගැලී තිබේ. සිතෙහි මෝදු වන සතුට ද සමඟින් ඔහූ සිවූරුහන් බාන්නට වූයේ ය. නගරය පසූ කරමින් මෝටර් රථය ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට දෙසට ඇදෙන්නට විය.

යමක් සිදු වී ඇති බව ලාන්ස්ට අවබෝධ වූයේ විශ්වවිද්‍යාලය භූමියෙන් පිටත දෑඩි හමූදා රැකවල් යෙදා තිබෙනූ දෑකීමෙනි. ප්‍රවේශ දොරටූව අසල හමූදා භටයින් සමඟ දෙතුන් දෙනෙක් උණූසූම් වචන හූවමාරුවක යෙදී සිටිති. ලාන්ස් ආරකෂකයින්ට සිය හැඳුනූම්පත පෙන්වමින් විශ්වවිද්‍යාල භූමියට රිය ඇතුළු කළේ ය. මූළු සරසවි භූමිය ම පාළුවට ගොසිනි. ගොඩනැගිලි සහිත පරිශ්‍රය ඇත්තේ තව ඉදිරියෙනි. එය ආරකෂිත කාලපයක් බවට පත් කර ඇති බවක් පෙනේ. රථයෙන් බට ලාන්ස් මාවත දිගේ ඉදිරියට ඇදුණේ අවිනිශ්චිත හැඟීමෙනි. මෑතින් ගිලන් රථයක් නත්වා තිබේ. ඊට මඳක් එහායින් ජංගම රථ දෙකක් හා තවත් වාහන කිහිපයක් නවත්වා ඇති අයූරු ඔහූ ගේ දැසට හසූවිය. ජංගම රථ දෙකෙන් එකක් රෝග පාලනය හා වළක්වාලීමේ මධ්‍යස්ථානයට අයත් වූවකි. අනෙක විද්‍යා පර්යේෂණ හා විමර්ශන ඒකකයේ බව බැලූ බැල්මට පෙනේ. ෆෙඩරල් නිලධාරීන් කිහිපදෙනෙක් යූහූසූළුව එහා මෙහා යමින් විවිධ කටයූතුවල නිරත වී සිටිති. ඔවූනතර සිටි ෆෙඩ්රිච් හඳුනාගැනීම ලාන්ස්ට එතරම් අසීරු වූයේ නැත. ෆෙඩ්රිච් විද්‍යා පර්යේෂණ හා විමර්ශන ඒකකයේ පර්යේෂකයින් පිරිසක් සමඟ කතා බහක යෙදී සිටි. ලාන්ස් එදෙසට ඇදුණේ ඇරමූණකින් තොරව ය. සිය ප්‍රධානියා තමා වෙත එනූ දුටූ ෆෙඩ්රිච් පර්යේෂකයින් ගෙන් සමූගෙන ලාන්ස් වෙත දිව ආවේ ය.

“මොනවද ෆෙඩ්රිච් මේ වෙන්නේ…?”

“හදිසි තත්ත්වයක් සර්….. විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ 113ක් රෝහලේ…. නව දෙනෙකුු අසාධ්‍යයි…. දෑනටමත් හය දෙනෙක් මැරිලා…..”

ෆෙඩ්රිච් කියාගෙන ගියේ වේදනාබර හඬකිනි.

“කොහොම ද මරණ සිද්ධ වෙලා තියෙන්නේ…..”

“පෙණහලූවලට හානි වීමෙන්…”

ෆෙඩ්රිච් ගේ මූහූණේ රුදුණේ සංවේගයට පත් ස්වභාවයකි.

“හේතුව මොකක් කියල ද හිතෙන්නේ?”

“ඒකනම් තාම අපි හරියට දන්නැහැ. හැබැයි අපිට පොඩි සැකයක් තියෙනවා.”

ලාන්ස් ගේ දෙනෙතේ රැඳුණේ ප්‍රශ්නාර්ථය මූසූ බැල්මකි.

“සර්…සමහර විට මේක ත්‍රස්තවාදීන් ගේ වැඩක් වෙන්න පූළුවන්.”

“ඒත් ෆෙඩ්රිච්… කොහොම ද…?”

ලාන්ස්ට දෑනූණේ සිය තොල කට වියළී යන බවකි. මොහොතකින් ඔහූට බියකරු සත්‍ය වැටහිණි.

“දෙයියනේ……. ඒ කියන්නේ.. “

ඔහූට වචන පටලැවිණි.

“ඔව් සර්…..අපි හිතන්නේ එහෙමයි.

එසේනම් සතුරා වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වී තිබේ. එය සත්‍යයක් නම් මිලියන ගණනක ගේ ජීවිත අනතුරට ලක් වී ඇත. පෙනෙන සතුරන් සමඟ සටන් කිරීම එතරම් අපහසූ නැත.

එහෙත් නොපෙනන සතුරන් සමඟ……?

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

ආරකෂිත ඇඳුමින් සැරසූණූ රෝග පාලනය හා වළක්වාලීමේ මධ්‍යස්ථානයේ කිහිපදෙනෙක් ගොඩනැගිලි තුළත් ඉන් පිටතත් ජීවානූහරණ කටයූතුවල නිරත වී සිටිති. ආරකෂිත ඇඳුම් ඇඟලා ගන්නට ලාන්ස් තුළ එතරම් කැමැත්තක් නොවීය. එහෙත් මෙවැනි පරිසරයක පරීකෂණ කටයූතු සිදු කිරීමේ දී ඔක්සිජන් සැපයූම සහිත ආරකෂිත ඇඳුම් ඉවතලෑම මරණයට ඇත වැනීමකි.

ෆෙඩ්රිච් ඔහූ කැඳවාගෙන යමින් සිටියේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි පර්යේෂණාගාරය වෙත ය. මේ සියල්ල ඇරැඹි ඇත්තේ එතැනිනි. ලාන්ස් පර්යේෂණාගාරය තුළට පිවිසියේ කිසියම් චකිතයකිනි. පර්යේෂකයින් කිහිප දෙනෙකු එතුළ පරීකෂණ කටයූතුවල යෙදී සිටිති.

කණ්ඩායමේ නායකයා යැ යි සිතිය හැකි අයෙක් සෙමෙන් ඔවූන් වෙත සමීප වූයේ මඳ සිනහවක් පාමිණි.

“මේ ආචාර්ය ග්‍රාන්ටි”

ඔහූ හඳුන්වා දුන්නේ ය.

“මොනව ද ඩොක්ටර් අලූත් තොරතුරු..?”

“අපිට තාම හරියට ම කියන්න අමාරුයි. ඇන්ඩර්සන් මහත්මයා……..ඒත් මේක ජිව අවි ප්‍රහාහයක් කියල සැක හිතන්න හූඟක් හේතු තියෙනවා…”

“එතකොට මේක පැතිරෙන්නෙ කොහොම ද?”

පර්යේෂකයා කතා කළේ අවට පරිසරයට දැත දිගුකරමිනි.

“……..අපි අවට වාතායටත් බීජානූ නිදහස් වෙලා තියෙන්න පූළුවන්..”

“රෝග කාරකය හොයාගන්න පූළුවන් වූණා ද?”

“අවාසනාවකට වගේ තවම නැහැ. තාම ව්‍යාධිජනක පරීකෂාවේ ප්‍රතිඵල ලැබූණේ නැහැ”

“හොඳයි ඩොක්ටර් බොහෝම ස්තුතියි..! තව යමක් දෑනගත්තොත් කරුණාකරල අපට දන්වන්න.”

ලාන්ස් හා ෆෙඩ්රිච් ග්‍රාන්ටි ගෙන් සමූගෙන පර්යේෂණාගාරයේ වෙනත් මැදිරියකට ඇතුළු වූ හ. එය බොහෝ නවීන පහසූකම්වලින් සමන්විත අංගසම්පූර්ණ පර්යේෂණාගාරයක් බව බැලු බැල්මට පෙනේ. ලාන්ස්ට සිතුණේ මේ තුළ සිදු වන්නට ඇති පර්යේෂණ කටයූතු මොනවා ද යන්න ය. ඔවූන් ඇතුළු වූ කුටියේ කොනකට වන්නට තබා ඇති දෑල් කුඩූවක මියගිය යූරේසියානූ මී පැටවූන් දෙතුන් දෙනෙක් වැතිරී සිටිති. ඇතැම් විට පළමූ ව මරණය වැළඳගන්නට ඇත්තේ මේ මී පැටවූන් විය යූතු යැ යි ලාන්ස්ට සිතේ. තවත් මොහොතක් එලෙස බලා සිටි ඔහූ, අනෙක් පස වූ කුටිය වෙත පිය මැන්නේ ව්‍යාකුල සිතිනි.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

ලාන්ස් ගේ සිහියට නැගුණේ මීට ටික කලකට පෙර මහත් ආන්දෝලනයක් ඇති කළ ඇන්ත්‍රැක්ස් රෝගයයි. මේ එහි නැවත හිස එසවීමක් විය නොහැකි ද? අවසන් වරට ඇමෙරිකාවෙන් ඇන්ත්‍රැක්ස් රෝගියෙකු හමූවූයේ 2001 වසරේ දී ය. ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පූවත්පත් වාර්තාකරුවන් දෙදෙනෙක් ඊට ගොදුරු වී තිබිණි. ක්‍රි. ව. 80 දී රෝමය ගිනි තැබූ බැසිලස් ඇන්ත්‍රසිස් ඉන් වසර එක්දහස් නවසිය ගණනකට පසූව ඇමෙරිකා එක්සත් ජනපදය ගිනි තබන්නට සැරසෙනවාවත් ද?

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

මඳකට ඉවතට ගොස් සිටි ෆෙඩ්රිච් හදිසියේ ම එහි ඇතුළු වූයේ ලාන්ස් පියවි ලොවට කැඳවමිනි. ෆෙඩ්රිච් දෙස බැලූ ලාන්ස්ට දෑනූණේ තත්ත්වය තවත් නරක අතට හැරෙමින් පවතින බව පමණි.

නිලධාරියා නිහඩව ම ලිපි ගොනූවක් ලාන්ස් අත තැබූවේ ය. ලිපිගොනූව පෙරලා බැලූ ලාන්ස් ගේ මූවින් සූසූමක් පිටවූයේ ඔහූ ද නොදෑනූවත්ව ය…. මේ සූළු කාලය තුළ මරණ සංඛ්‍යාව 23 දක්වා වැඩි වී තිබේ.

ලාන්ස් මියගිය පූද්ගලයින් ගේ ඡායාරූප පරීකෂා කරමින් සිටියේ දෑඩි කනස්සල්ලෙනි. එය කෙතරම් බේදජනක මරණයක් වන්නට ඇත් ද? ඔවූන් හැඳ සිටින අඳුම් පවා රුධිරයෙන් නැහැවී ඇත. මියයන මොහොතේ ඔවූන් විඳි වේදනාව ඡායාරූපවලින් වූව ද මැනවින් විද්‍යාමාන විය. ගතවන මොහොතක් පාසා තත්ත්වය වඩාත් දරුණූ වෙමින්ි තිබේ. එහෙත් මේ දක්වා ඔවූනට කිසිවක් කළ හැකි වූයේ නැත.

ඔහූ ලිපි ගොනූවෙන් හිස මෑත් කර ගත්තේ ඔවූන් වෙත දිව එන ආචාර්ය ග්‍රාන්ටි දෑකීමෙනි. ඔහූ වෙත වූයේ එතරම් ප්‍රසන්න බවක් නොවේ.

“ඇයි ඩොක්ටර්…… මොක ද වෙලා තියෙන්නේ?”

ග්‍රාන්ටි ෆෙඩරල් නියෝජිතයා වෙත කඩදාසි කිහිපයක් දිගු කළේ කිසියම් කැළඹීමකිනි.

ලාන්ස් දුටූවේ එහි පැහැදිලි අකුරින් සටන් වී තිබූ වචන කිහිපයක් පමණි. ඔහූට දෑනූණේ සිය දැස එක තැන නතර වී ඇති බවකි.

“……හඳුනානොගත් බැක්ටීරියාවක්….!”

ග්‍රාන්ටි මෙන්ම ඔහූ ද බොහෝ සෙයින් කැළඹී සිටියේ ය. විසිරුණූ සිතිවිලි එක්තැන් කර ගන්නට ලාන්ස්ට මඳ වේලාවක් ගත විය. ඔහූ සෙමෙන් සෙමෙන් පරිකෂණ වාර්තාව කියවන්නට වූයේ ය.

එසේ නම් ඒ බැසිලස් ඇන්ත්‍රසිස් නොවේ. එසේ ම රෝග වාහකයා ඔහූ සිතු පරිදි මී පැටවූන් ද නොවේ.

එසේ නම් එය නිදහස් වූයේ කෙසේ ද?

හදිසියේ ම වාගේ ලාන්ස් ගේ දැස් යොමූ වූයේ පර්යේෂණාගාර කුටියේ මේසයක් මත තබා තිබූණූ හතරැස් වීදුරු බහාලූම් කිහිපයක් දෙසට ය. ඔහූ එදෙසට ඇදුණේ හදිසියේ ඇති වූණූ සිතිවිල්ලක පෙළඹවීමෙනි. වීදුරු බහාලූම් තුළ සූරකෂිතව තබා තිබූණේ විවිධ හැඩයේ සහ ප්‍රමාණයේ පාෂාණ කිහිපයකි. ඇත්තෙන් ම ඒ පාෂාණ නොව, උල්කාෂ්ම කැබලි බව ලාන්ස් දෑනගත්තේ නාමකරණ ලැයිස්තුව ආධාරයෙනි. ඔහූ ගේ උනන්දුව වැඩි කරන යමක් ද ඒ අසල ම බිත්තියෙහි රඳවා තිබෙනූ ලාන්ස් දුටූවේ මඳ වේලාවකට පසූව ය. ඔහූ නොඉවසිල්ලෙන් ලිපි ගොනූව යළිත් පෙරලා බැලූවේ ය.

එහි මියගිය අය ගේ නාම ලේඛනයේ මූලට ම සිටි කහිපදෙනෙකු ගේ නම් බිත්තියෙහි ඇති සටහනෙහි ද තිබීම අහඹූවක් විය හැකි මූත් ලාන්ස් ගේ සිතිවිලි පැවසූවේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.

මූලින් ම රෝගය වැළදෙන්නට ඇත්තේ මේ පර්යේෂණාගාර සේවකයින්ට විය නොහැකි ද? එසේ නම් බැක්ටීරියාව නිදහස් වන්නට ඇත්තේ ඔවූන් මේ සිටිනා පර්යේෂණාගාර කුටියෙන් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහෙත් ඒ කෙසේ ද? තමා ගේ සිතට සතුටක් කාන්දුවෙමින් තිබෙනූ ලාන්ස්ට දෑනිණි. අවසානයේ දී ඔහූ හරි මඟට පිවිස ඇති සෙයකි. තවත් අපතේ යවන්නට කාලයක් තිබූණේ නැත. ෆෙඬරල් නියෝජිතයා වහා ක්‍රියාත්මක වූයේ ය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

ලාන්ස් සිය කාර්යාල කාමරයේ කවූළුව අසලට වී පිටත බලා සිටියේ හිස් බැල්මෙන් යූතුව ය. වචනයෙන් කිව නොහැකි තරම් වේදනාවකින් ඔහූ ගේ සිත වෙලී ඇත. ෆැක්ස් යන්ත්‍රය ක්‍රියාත්මක වන හඬක් ඇසූණෙන් හැරී බැලූ ඔහූ දුටූවේ මඟබලා සිටි වාර්තාව ලැබෙමින් තිබෙන බව ය. ලාන්ස් නොඉවසිල්ලෙන් යූතුව පරීකෂණ කටයූතු සඳහා යවන ලද උල්කෂ්ම කැබලි පිළිබඳ වාර්තාව කියවන්නට වූයේ ය. ඔහූ ගේ වැඩි අවධානය වාර්තාවේ ඉරිගසා මතුකොට තිබූණූ කොටස් වෙත යොමූවී තිබිණි.

“උල්කාෂ්ම කැබලි අතර තිබූ ධූමකේතු කොටසක්…”

“තවමත් එහි නිද්‍රෝපගතව සිටිනා බැක්ටීරියා විශේෂය…”

“මේ වන විට 79 දෙනෙකුට මරු කැඳවූ ආගන්තුක බැක්ටීරියාව ද එය ම බව”

එසේ නම් වසර දහස් ගණනක් ඇන්ටාක්ටික් හිම අතර සූව නින්දක සිටි බැක්ටීරියා දෑන් අවදි වී තිබේ. අභ්‍යවකාශය හරහා කළ දීර්ඝ ගමනකින් හා හිම අතර ගෙවූ දීර්ඝ නින්දකින් පසූ ඔහූහූ දෑන් ආක්‍රමණයට සූදානම් වෙමින් සිටිති. වඩාත් නිවැරැදිව කියනවා නම් දෑනටමත් ඔවූන් ප්‍රහාරය අරඹා තිබේ.

ලාන්ස්, ෆ්‍රෙඩ් හොයිල් හො චන්ද්‍රා වික්‍රමසිංහ පිළිබඳ දෑන සිටියේ නැත. දකෂ විද්‍යාඥයින් දෙදෙනෙකු ගේ මතයක් සනාථ කිරීමට හැකි වීම ගැන ඔහූ තුළ සතුටක් උපන්නේ ද නැත. හඳුනානොගත් වසංගතයට එරෙහි ඖෂධයක් හෝ එන්නතක් නිපදවන්නට තව කොතෙක් කලක් ගතවනූ ඇත් ද? එතෙක් එය මැඩ පවත්වන්නට හැකි වේවි ද? සිතෙහි දහසක් ප්‍රශ්න මතු වෙමින් තිබිය දී ඔහූ ගේ දෙනෙත කවූළුවෙන් එපිට නගරයේ උස් ගොඩනැගිලි වෙත රැඳී තිබේ. නගරයට ඉහළින් අඳුරු වලාකුළු එක් රොක්වෙමින් පවතී. ෆෙඬරල් නියෝජිතයා එදෙස බලා සිටියේ අවිනිෂ්චිත හැඟීමෙනි. ඔහූට සිතුණේ තව සූළු මොහොතකින් ඒ අඳුර මූළු නගරය ම වසා ගනූ ඇති බව ය.

නිමි.

සන්සරසිදු

මොරටූව