මහාචාර්යවරයා ගේ ජනාධිපති ක්ලෝනය – science fiction

2035 වසරේ වසන්ත සමය උදා වූණේ ඉතා සෙමිනි. මහාචාර්ය ෆ්ලැඩ්ච් ස්වොලොච්ට එය එසේ නොවිණි. මහා පරිමාණ ක්ලෝනීකරණ ව්‍යාපෘතියක් උදෙසා සිය පූර්ණ කාලයත් ශ්‍රමයත් යොදවමින් සිටි නිසා ඔහූට විවේකය සිහිනයක් විය. තමා මේ ව්‍යාපෘතියට සම්බන්ධ වූයේ තම යටි අරමූණ ද සාර්ථක කර ගැනීමේ අදහසින් බව, විවේකය අවශ්‍ය යැ යි සිතෙන සෑම විට ම ඔහූ තම යටි සිතට මතක් කර දුන්නේ ය.

මාස ගණනාවක් තමා දෑරූ මහන්සියේ ප්‍රතිඵල තමා ගේ ම දැස් ඉදිරිපිට දක්නට ලැබෙමින් තිබීම මහාචාර්යවරයා අපමණ සතුටට පත් කළේ ය. එසේ ම එහි වූ යහපත් අතුරුඵලවල ද ඔහූට විද්‍යාමාන වූයේ උදැසන රැවූල බෑමට නාන කාමරයේ කැඩපත ඉදිරියට ගිය විට දී ය. ඔහූ ගේ දැස් වටා වූ කළු පැහැයත්, අතිශය විඩාපත් මූහූණත්, එම අතුරුඵල අන්‍යයන්ට විද්‍යාමාන කර වීය.

මෙවන් වූ මහා පරිමාණ ක්ලෝනීකරණ ව්‍යාපෘතියක් උදෙසා ඩොලර් මිලියන 25ක අති විශාල මූදලක් ආයෝජනය කර තිබූණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අති දෑවැන්ත ම බහූ ජාතික සමාගමක් වන “ග්ලිවෙක්ස්” නම් සමාගම විසිනි. ඔවූන් එම අති විශාල ව්‍යාපෘතිය උදෙසා රුසියන් – ඉංග්‍රිසි සම්මිශ්‍රණයකින් උපත ලද මහාචාර්ය ෆ්ලැඩ්ච් ස්වොලොව් තෝරා ගෙන තිබූණේ ඔහූ ගේ දකෂතා පදනම් කර ගනිමිනි. ඔහූ ගේ ජාතීන් දෙකක සම්මිශ්‍රණයෙන් ලද උපත නිසා දො අසාමාන්‍ය බූද්ධියක් හා විශේෂ දකෂතා රැසක් ම හිමි වී තිබූණූ අතර, ඔහූ භාෂා සයක කෙළ පැමිණියෙකු විය. ජාත්‍යන්තර ක්ලෝනීකරණ නීති සම්පාදන ආයතනයේ අධ්‍යකෂධූරය හෙබවූ ඔහූට මෙම කටයූත්ත බාර දීම සෑම අතකින් ම ග්ලිවෙක්ස් සමාගමට වාසිදායක විය.

එහෙත් මෙම ව්‍යාපෘතිය, පිටතින් සියලු ම ක්ලෝනීකරණය පිළිබඳ අනූගමනය කරන නීතිවලට අනූකූල ව සැකසූනක් ලෙස පෙනූන ද, එහි අභ්‍යන්තර කටයූතු පූර්ණ රහස්‍ය විය. මෙහි දී ජාත්‍යන්තර ක්ලෝනීකරණ නීති සම්පාදන ආයතනය හෙවත් ෂකඛධ ආයතනයේ ප්‍රධාන ම කඛෂ දරන ප්‍රසිද්ධ ක්ලෝන ව්‍යාපෘති නීති කෙටූම්පතෙහි ෂ.1 වන නීතිමය වගන්තිය ම මහාචාර්යවරයා විසින් බිඳ දමා තිබීම ඉහත කරුණ සනාථ කරවන්නක් විය. 2006 සිට බලපවත්වන ලද එම නීතිය කුමන තත්ත්වයක් යටතේ හෝ වෙනස් නොකරන බවට මූළුමහත් ලෝක ප්‍රජාව ම ගිවිසගෙන තිබිණි. 2035ට ද බලපැවැත් වූ එම නීතිය නම්,

මිනිසා සම්බන්ධ ක්ලෝනීකරණ කටයූත්තක දී එමඟින් බිහි වන ක්ලෝනීකරණයට යටත් වූ ජීවි කලලය ෙසෙල 400ය නො ඉක්ම විය යූතු අතර, එය එම අවස්ථාවේ දී ම අජීවී තත්ත්වයට පත් කළ යූතු ය” යන්න ය. එහෙත් නීති විරෝධී අයූරින් ඒ වන විටත් රටවල් කිහිපයක් ක්ලෝන පිටපත් බිහි කර තිබූණි. එහෙත් අවාසනාවකට මෙන් එහි සත්‍ය·අසත්‍යතා ව නිර්ණය කර ගෙන අවශ්‍ය පියවර ගැනීමට ෂකඛධ ආයතනයට මේ වන තෙක් නොහැකි විය.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

එක්වර ම මහාචර්යවරයා අසල වූ උපකරණය නාදයක් නිකුත් කරන්නට වූයෙන් ඔහූ ගේ අවධානය ඒ වෙතට යොමූ විය.

“බීප්.. බීප්.. මහාචාර්යතුමනි මිස්ටර් ග්‍රේග් හැම්සන් ඔබව හමූවීමට මඟ බලාගෙන සිටිනවා. බාධා කිරීම ගැන සමාවන්න! ස්තූතියි.”

උපකරණය ක්‍රියාවිරහිත වීමත් සමඟ ම මහාචාර්යවරයා සිය විද්‍යාගාරයේ දොරටූව වෙත පා නැගී ය. මොහොතකින් “මෙයාට නම් කිසිම ඉවසිල්ලක් නෑ වගේ” යැ යි තමාට ම මූමූණාගත් මහාචාර්ය ස්වොලොව් විද්‍යාගාරයේ දොරටූව ස්වකීය රහස් අංකය භාවිතයෙන් විවෘත කර පිටතට විත් දොරටූවෙහි වූ රතු පැහැති බොත්තම තද කර අමූත්තන් පිළිගැනීමේ කාමරය වෙත පිය නැඟුවේ බලාපොරොත්තු සහගත හැඟීමකිනි.

“සූබ උදැසනක් මහාචාර්ය ෆ්ලෙඩිච්! ඔබේ කටයූතු සාර්ථක ව කෙරීගෙන යනවා ද?”

“ම්…… සූබ උදැසනක් ඔබටත්. කරුණාකරල මට ස්වොලොව් කියල කථා කරනව ද! හොඳයි, ඔබේ ප්‍රශ්නයට දිය හැකි කෙටි ම පිළිතුර තමයි “ඔව්” කියන එක.”

“මට සමාවෙන්න මහාචාර්ය ස්වොලොව්, හැබැයි මම ඔබෙන් බලාපොරොත්තු වූණේ මීට වඩා විස්තරාත්මක පිළිතුරක්.”

“හොඳයි ඔබට ඒ ගැන මම කියන්නම්. මේ වැඩය සාර්ථක වෙමින් තිබෙනවා. සාර්ථකත්වය දෑනට සියයට 65ක් විතර වෙනවා. ඒත් මට තාම

මිනිස් ආයූෂ පිළිබඳ සංකීර්ණ ජානයේ

පිටපත නව පෝෂණ මාධ්‍යයෙන් පිටතට ගන්න නොහැකි වූණා. මොක ද එහි මන්දගාමී වර්ධනය මගේ කටයූතු පමා කරන නිසා. ඒ වගේ ම අපේ නිර්මිත ක්ලෝනයට ඒ ජානය ඇතුළු කරන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි එහි ව්‍යූහාත්මක දුර්වලකම. ඒත් ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ.”

“කමක් නැහැ මහාචාර්යතුමා. ඒක සූළු පමාවක්නේ. මම ආවෙත් ඒ සම්බන්ධ ව සූබ ආරංචියක් කියන්න. අපේ ගවේෂණ කණ්ඩායමට මීට පැය 2කට විතර කලින් අවූරුදු 150ක් ජිවත් වෙලා දෑන් මරණාසන්න ව ඉන්න මිච්කෝ කියන ජපන් කාන්තාව ගේ ආයූෂ හා සම්බන්ධ ජානය ලැබිල තිබෙනවා. ඒක දෑනටමත් වෙලින්ටන්වල ඉදන් මෙහෙට එනවත් ඇති. අද හවස කොයි මොහොතක හරි ඔබට එය ලැබේවි. ඒ සාම්පලය බොහොම වටිනවා. ඒ හින්දා අපි අතිශය රහසිගතවයි ඒක එවන්නේ.”

“අන්න ඒක හොඳයි. මට දෑන් අර ජානයට මේක බද්ධ කරල තවත් සාර්ථක ව වැඩේ කරන්න පූළුවන්”

“හොඳයි, මං හිතන්නේ මට යන්න වේලාව හරි, මං ගිහිල්ල එන්නම් ප්‍රොෆෙසර්.”

“හොඳයි තවත් වැදගත් මොනවාහරි ලැබූණොත් මට නොවරදවා ම දෑනූම් දෙන්න.”

“හරි ප්‍රොෆෙසර් ස්වොලොව් ඒ ගැන බයවෙන්න එපා. ඔබතුමා ටිකක් ෂකඛධ එක ගැන බලන එකත් හොදා. මොක ද මට අර උප අධ්‍යකෂව ටිකක් ඇල්ලුවේ නෑ”

එසේ පැවසූ හැමර්සන් කාමරයෙන් පිට වී ගියේ මඳ සිනාවක් ද පාමිනි.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

එදින සවස මහාචාර්යවරයාට ග්‍රෙග් වෙතින් ජාන සාම්පල් ලැබී තිබූණි. ඔහූ එම ජාන ශිතකරණය තුළ තැන්පත් කර තම පෞද්ගලික කටයූත්ත උදෙසා සිත යෙදවීය.

ඔහූ තමා ඇමෙරිකානූ ජනාධිපතිවරයා ගෙන් රහසේ ලබා ගත් ෙසෙල සාම්පලයේ ජාන පිටපත් කිරිම ආරම්භ කළේ ය. ඔහූ දින දෙකක් ම සිය කාර්ය නොකඩවා කර ගෙන ගියේ දෑඩි උද්යෝගයකිනි.

ම්.. හරි.. දෑන් තියෙන්නේ මේකට නියමිත මෙන්න මේ නිර්මිත ජානය ඇතුළු කරලා වැඩෙන්න ඉඩ හරින එක. එතකොට මමයි ඇමෙරිකානූ ජනාධිපති ගේ උපදේශක. එහෙමත් නැත්නම් ඇමෙරිකන් ජනාධිපතිව අල්ලේ නටවන්නේ මමයි.

මහාචාර්යවරයා තමාට ම කියා ගනිමින් සිනාසූනේ සිය දෑත් දෙපසට විහිදුවා ලමිනි.

මාසයක කාලයක් නොදෑනූවත්ව ම ගෙවී ගියේ මහාචාර්යවරයා ගතින් වියපත් කරමිනි. එහෙත් ඔහූ සිතින් තරුණයෙකු බවට පත් වී සිටියේ ය. ඒ අතර ෂකඛධහි අධ්‍යකෂ ධූරය ද තවමත් මහචාර්ය ෆ්ලැඩ්ච්ට ම හිමි ව තිබූණි. එහි පූදුමය වූයේ, ඔහූ වසර 3ක් තිස්සේ එම තනතුර හෙබවීමත්, වසරකට වඩා වැඩි කලක් එම තනතුර එක ම අයෙකුට ලබා දීම ඉතා ම කලාතුරකින් පමණක් සිදු වීමත් නිසා ය.

සූපූරුදු ලෙස ග්‍රේග් හැමර්සන් එදින සන්ධ්‍යාවෙහි ද මහාචාර්යවරයා අභිමූවට පැමිණ සිටියේ ය.

“මහාචාර්යතුමා දෑන්නම් මං හිතන්නේ අපේ ව්‍යාපෘතියේ වැඩ බොහෝ දුරට ඉවරයි. එහෙම නේ ද?”

“ම්…. ටිකක් දුරට ඔව්. ඒත් අපිට තව මාස 2ක් ඉන්න වෙනවා. කලලය තාම වේගවත් වර්ධන අවධියට ඇවිල්ලා නැහැ.”

මහාචාර්යවරයා ගුප්ත ලෙස සිනාසෙමින් පිළිතුරු දූන්නේ සිය දැත් එකිනෙක පිරිමදිමිනි.

“ඇත්ත ද ප්‍රෙෆෙසර්, එතකොට ඔබ හදපූ අර නිර්මිත ජානය, ඒක අපේ ව්‍යාපෘතියට හොඳ නැති ද?

“මොකක් ද! මොකක් ද! ඔබ ඔය කියන්න යන්නේ?” මහාචර්යවරයා කලබලයට පත් වූව ද සන්සූන් ස්වරයෙන් විමසී ය.

“ඇයි මිස්ටර් ස්වොලොව් එකපාරට ම කලබල වූණේ, ඇයි මං ඇහූවේ වැරැදි දෙයක් ද?”

“නැහැ. එහෙම දෙයක් නැහැ. අනෙක අපේ ව්‍යාපෘතිය වෙනූවෙන් මං ඕනෑ ම දෙයක් කරනවා. ඉතින් ඔබට මා ගැන සැක ද? එහෙම නිර්මිත ජානයක් මං ළඟ නැහැ.”

මහාචාර්යවරයා සන්සූන් ව පැවසී ය.

“මාව රවටිටන්න ඔබට බෑ මහාචාර්යතුමා. කෝ දෑන් අපේ ක්ලෝනීකෘත ජනධිපති, මිස්ටර් ජෝර්ජ් බර්ත්වෙල් ගේ පිටපත. මටත් ඔහූව හමූවෙන්න බැරි ද?”

“මේ මිස්ටර්, දෑන් ඔය හොඳට ම ඇති, ඔබට මාව රවටිටන්න බැ.”

“ඇත්ත ද එහෙනම් මේක තේරුම් ගන්න පූළුවනි නේ.”

එසේ පැවසූ ග්‍රෙග් හැමර්සන් සිය මූහූණෙහි වූ සිලිකන් වෙස් මූහූණ ගලවා ඉදිරිපස වීදුරු මේසය මත තැබූවේ මඳ සිනාවක් පාමිනි

“රැඩොල්ෆ් ඔබ!”

“ඔව් මිත්‍රයා, මම රැඩොල්ෆ් ස්ටීවන්සන් තමා. ඔබේ පැරැණි පාසල් මිත්‍රයා. එහෙමත් නැත්නම් ෂකඛධ උප අධ්‍යකෂක. මෙතැනදී ඔබව හමූවීම සතුටක් මහත්මයා.”

මහාචාර්යවරයා සිය මූහූණූ අතින් වසා ගනිමින් දෑඩි ලෙස ශෝක වන බවක් හැඟවීය. ඒ සැනින් ම ඔහූ සිය සූරත ලේසර් තුවක්කුව ගැනීමට කෂණිකව එසවීය.

“ඔතනින් අයින් වෙන්න මිත්‍රයා, නැතිනම් මට මගේ පිස්තෝලයේ විශේෂ උණ්ඩ ඔබ වෙනූවෙන් වෙන් කරන්න සිදු වෙනවා.”

තම පිස්තෝලය සූරතට ගත් රැඩොල්ෆ් මිත්‍රශිලී ව, එහෙත් අප්‍රසන්න, දෑඩි ස්වරයෙන් පැවසීය.

ඒ ඉල්ලීමට අවනත නොවූ මහාචාර්යවරයා, සිය ලේසර් තුවක්කුව කෂණිකව සිය පැරැණි මිතුරා වෙත එල්ල කළේ ය. එහෙත් ඊට පෙර ක්‍රියාත්මක වූ රැඩොල්ෆ,් සිය පිස්තෝලයෙන් මහාචාර්යවරයා ගේ දකුණූ පාදය ආබාධයකට ලක් කළේ එය දූලි ගොඩක් බවට පත් කරමිනි.

“මට කණගාටූයි මිස්ටර් එෆ්. එස්. මෙහෙම කරන්න වූණාට.”

මහාචාර්යවරයා වේදනාවෙන් ඇඹරෙන්නට විය. වහා ක්‍රියාත්මක වූ රැඩොල්ෆ් ඔහූව පසෙක වූ සෝපාව මත දිගා කළේ කණගාටූවට මූසූවූ දෙනෙත් මහාචාර්යවරයා ගේ දැස් වෙත යොමූ කරමිනි. ඉන් අනතුරුව වේදනා නාශක දියරයක් ගැල් වූ ප්ලාස්ටරයක් රැඩොල්ෆ් විසින් මහාචාර්යවරයා ගේ ආබාධිත පාදය මත රඳවන ලදී. අවසානයේ දී මහාචාර්යවරයා මඳක් සූවත්පත් වූ ලකුණූ පෙන්වන්නට විය.

“මම මේ ගැන හූඟක් දේවල් දන්නවා මිත්‍රයා. දෑන් ඔබට ගැලවෙන්න බෑ යහළුවා. මට දෑන් ඇත්ත කියන එක ඔබේ යහපතට හොඳ වෙයි.”

“ඒත් කොහොම ද ඔබ මෙතරම් රහසිගත දෙයක් දෑනගත්තේ. එතකොට හැමර්සන් කෝ?”

මහාචාර්යතුමා මඳක් ඇඹරෙමින් වේදනාව මූසූ දැසින් ඇසීය.

“ඒක බොහෝම සූළු දෙයක්. මම ඒ ගැන දෑනගන්නේ මෙන්න මෙහෙම.”

මෙසේ කියූ ෂකඛධ හි උප අධ්‍යකෂවරයා මහාචාර්යවරයා ගේ අත්ඔරලෝසූවට සවිකර තිබූ කෂූද්‍ර කැමරාව ගලවා පසෙකින් තැබූවේ ය.

“හෝ….. ඔබ නම් නියම දකෂයෙක්.”

“ඔබේ ප්‍රශංසාවට ස්තුතියි. මිත්‍රයා ඔබේ දෙවන ප්‍රශ්නයට පිළිතුර තමයි ග්‍රෙග් දෑන් ඉන්නේ ස්කොටිලන්ඩ්යාඩ් මූලස්ථානයේ. අඩි 10*10 සිර කුටියක. නරක නෑ නේ ද ඔහූට ලැබූණූ තෑග්ග?”

“දැන් මට තේරෙනවා රැඩොල්ෆ්. ඒ වගේම මට දෑන් අවශ්‍ය සහනයක් නැහැ. මිත්‍රයා මං දන්නවා මම කළේ වැරැදි දෙයක්. ඒත් බලතණ්හාව මගේ මනූෂ්‍යත්වයට වඩා ඉස්සර වූණා යාළුවා.”

“හරි එහෙනම් දෑන් ඔබට පාපොච්චාරණය කරන්න වේලාව හරි. මිස්ටර් ස්වොලොව්. අධිකරණය ඔබේ පාපොච්චාරණය සජිවී ව බලාපොරොත්තු වෙනවා.”

එසේ කියූ රැඩොල්ෆ්, සිය කබායෙන් ගත් අඟල් පහක් පමණ දිගැති කුඩා සමචතුරස්‍රාකාර උපකරණයක් ඉදිරිපස වූ මේසය මත තැබී ය.

“දෑන් කිසිම දෙයක් හංගලා වැඩක් නැහැ කියල මං දන්නවා. ඒත් මට ඒ දෙවල් හරියට හීනයක් වගේ රැඩොල්ෆ්.”

“හරි මිත්‍රයා දැන් මම කතා කළා ඇති දෑන් ඔබේ වාරය.”

“හොඳයි මං කියන්නම්. මම ෂකඛධ අධ්‍යකෂක නිසා මට ඒකේ කෙටූම්පත් හොඳ අවබෝධයකින් යූක්තව ක්‍රියාකරවන්න වගේ ම සූකෂම ව ඒ නීති රෙගුලාසි බිඳින්න පූළුවන් වූණා. දෑන් මං ඒ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. අනික මා ගැන කවූරුවත් සැක කරන්නෙ නැහැ යි කියලයි මම හිතුවේ. මම ග්ලිවෙක්ස් සමාගමේ මේ ව්‍යාපෘතිය වෙනූවෙන් ඩොලර් මිලියන 10ක් අය කළා. ඒ ව්‍යාපෘතිය තමයි “සූපිරි මිනිසෙකු බිහිකිරීමේ” ව්‍යාපෘතිය හෙවත් ,ජරු්එැ ් ිමචැර ප්බ, ව්‍යාපෘතිය. ඒකට මම කැමති වූණේ, ලැබෙන මූදල ගැන හිතල ම නෙමේ. මට ලැබෙන ජාන සාම්පල් හූඟක් වටිනා නිසා. කොහොම හරි මං මේ ලෝකෙ ම මනූෂ්‍යයින් ගේ හොඳ ම ජාන ග්ලිවෙක්ස් සමාගමේ ජාන ගවේෂණ කණ්ඩායමෙන් ලබා ගත්තා. ඒ අවූරුද්දක් ඇතුළත.

ඊට පස්සේ මං මගේ ම ෙසෙලයකට ඒ ජාන බද්ධ කරලා වර්ධනය වෙන්න ඉඩ හැරියා. ඒ අතර මම ජානයක් නිර්මාණය කළා මට අවශ්‍ය ප්‍රමාණයට කළලය වර්ධන කරල අවශ්‍ය වෙනකොට වර්ධනය සාමාන්‍ය අතට හැරෙන. ඒක මම හොයා ගත්තේ මේ ව්‍යාපෘතියට නෙමෙයි. මගේ වෙනත් වැඩකට. ඒ තමයි ඇමරිකානූ ජනාධිපති වෙනූවට මම හදපූ ක්ලෝනය පාවිච්චි කරල මේ රට පාලනය කරන්න කරපූ කටයූත්ත. ඒක තමයි මේ මගේ මූළු ජීවිත කාලෙ ම තිබූණූ එක ම ආශාව.”

“ඉතින් මම ම ජනාධිපතිතුමා ගේ ජාන කොටස් හොරෙන් ලබා ගත්තා. ඒ කිසිම පිට කෙනෙක් මේ ව්‍යාපෘතියට සම්බන්ධ නොකරගෙන මම ම මේ වැඩ කළේ කවූරුවත් මට විශ්වාස නැති හින්දයි. අන්තිමෙ මම මගේ වැඩේ සාර්ථකව කළා. ඒත්….ඒත්……..”

මහාචාර්යවරයා පරාජිත ස්වරයකින් එසේ සිය දීර්ඝ කථාව නිම කළේ රැඩොල්ෆ් දෙස බලමිනි.

“ම්…… ඒ කියන්නේ ඔබේ ක්ලෝන පිටපත දැන් අපේ ජනාධිපති ගේ අනූ පිටපතක් මම හරි ද?”

“ඔව්.”

“මට ඒ අසමසම නිර්මාණය බලන්න අවසර ද?”

රැඩොල්ෆ් අවඥාසහගතව මහාචාර්යවරයා ගෙන් විමසී ය.

“දෑන් මගෙන් අවසර ගන්න අවශ්‍ය නෑ මිත්‍රයා.”

එව්ට ම පසෙක වූ දෑඩි වානේ ද්වාරය හඬක් නඟමින් විවෘත විය. රැඩොල්ෆ්ට සිය දැස් අදහාගත නොහැකි ව එදෙස බලා සිටියේ ය. වත්මන් ජනාධිපති ගේ අනූරුව ජීවමානව ඔහූ ඉදිරියේ විය. ඒ සමඟ ම ඔහූ සිය වායූ රයිෆලය රැඩොල්ෆ් දෙසට එල්ල කළේ ජනාධිපතිවරයා ගේ හඬින් ම රැඩොල්ෆ් අමතමිනි.

“මිස්ටර් රැඩොල්ෆ් මම මගේ තාත්තාට කරදයක් වෙන්න ඉඩ තියන් නැහැ. ඔබේ අවසානය දෑන් ළඟට ම ඇවිත්. දෑන් ඉතින් දෙවියන් සිහිකර ගනින්! ඒ වගේ ම කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න.”

මඳක් විමතියෙන් අනූරුව දෙස බලා සිටි රුඩොල්ෆ් සිය කටහඬ අවදි කළේ ය.

“මට කියන්න තියෙන්නේ මෙච්චරයි.”

ඒ සැනින් සිය පිස්තෝලය මහාචාර්යවරයා ගේ අවජාතක පූත්‍රයා වෙත එල්ල කළ රැඩොල්ෆ්, එහි ස්විචය තද කළේ සිය දෙනෙත් පියා ගනිමිනි. දැස් හැරි ඔහූ දුටිවේ අළුගොඩක් බූමූතුරුණ මත රැදී ඇති අයූරු පමණි. අනාගත විපතක් එසේ වළක්වාලූ ඔහූ, මහාචාර්යවරයා දෙස පෙරලා හැරී බැලුවේ සතුරකු ලෙසින් නොව පූත්‍රයකු අහිමි කරන ලද පියකු දෙස බලන මිත්‍රශිලී එහෙත්, පසූ තැවෙන සූළු මූහූණනි.

එහෙත් සෝපාව මත වූයේ අළු පැහැ දූලි ගොඩක් පමණි.

එම අළුගොඩ අසල, සෝපාව මත වූයේ මහාචාර්ය ෆ්ලැඩ්ච් ස්වොලොව් ගේ ලේසර් තුවක්කුවත්, ඔහූ ගේ දෑසින් මිදුණූූ තුනී කාච සහිත උපැස් යූවළත් පමණි.

නිමි

ඉසංකා යූ. නූගපිටිය

මා· රජයේ විද්‍යා විද්‍යාලය