වාර්තාව – science fiction

කාර්යාලයේ වීදුරු ජනේල දෙදරා යම්න් තිබිණි.

“මම තමූසෙව අ ස් ක ර න වා………”

ප්‍රධානියා ගේ කාර්යාල කාමරය වෙන් කර ප්ලයිවූඩ් බිත්තියක් ගසා තිබීම කෙතරම් වටිනා අදහසක් දෑ යි වෝගන් කල්පනා කළේ ය. නැතිනම් කාර්යාලයේ බොහෝ දෙනෙක් මේ වන විට ශ්‍රව්‍යබාධ සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින්නට ඉඩ තිබිණි.

මීට පැය භාගයකට පමණ පෙර ඔහූ ගේ ප්‍රධානියා යටි ගිරියෙන් කෑගසන්නටත්, බැණ වදින්නටත් වරින් වර ගොනකු මෙන් තප්පූලන්නටත් පටන් ගෙන තිබූ අතර, තමාට බණින බව හැරෙන්නට යමක් තේරුම් ගැනීමට වෝගන්ට අපහසූ විය.

මීට සති දෙකකට පමණ පෙර නගරයට තවත් පූවත්පතක් එකතු වීමත් සමඟ ප්‍රධානියා ගේ කටහඬේ සංඛ්‍යාතයන් තීවෘතාවයත් ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන කර්තෘ මේසයට ඉදිරියෙන් වූ පූටූවේ හිඳගෙන සිටි වෝගන් ඩැන්ඩලෆ්, මෝනිං ඩීබර්ග් පූවත්පතට එක් වූ ආධූනික මාධ්‍යවේදියකු වූ අතර, ඔහූ ගේ අටවන වාර්තාවත් සූපූරුදු පරිදි ප්‍රතික්ෂේප වී නොහොත් ප්‍රතික්ෂේප වෙමින් තිබිණි.

ප්‍රධානියා හූනස්නෙන් නැගිට කාමරයේ එහාටත් මෙහාටත් ඇවිදින්නට පටන් ගත්තේ ය. වෝගන්ට මේ සැම හූරුපූරුදු ය. තව මොහොතකින් හේ සන්සූන් කටහඬකින් යූතුව කතා කරනූ ඇත.

“හොඳයි ……”

මේසයට අත්දෙක තබා ගත් ප්‍රධානියා වෝගන් දෙසට නැඹූරු වූයේ ය.

“මං තමූසෙට තව එක ම එක චාන්ස් එකක් දෙනවා. හරි ද, මතක තියාගන්නවා මේක තමයි තමූසෙට ලැබෙන අන්තිම චාන්ස් එක”

වෝගන්, මූහූණේ ඉරියව් වෙනස් නොකර ම හිමින් සීරුවේ සූසූමක් හෙළුවේ ය. මේ ඔහූට ලැබූණූ තුන්වන “අන්තිම චාන්ස්” එක ය. එහෙත් මෙවර නම් එය අන්තිම ම අන්තිම අවස්ථාව වීමට බොහෝ ඉඩ තිබේ. තමාට තවමත් ප්‍රධානියා ගේ සිත දිනාගත හැකි ආකාරයේ වාර්තාවක් ලියාගත නොහැකි වූයේ මන් දෑ යි වෝගන් කල්පනා කළේ ය. එය තමා ගේ හැකියාව පිළිබඳ ගැටලුවකැ යි හේ කිසිදිනෙක විශ්වාස කළේ නැත. එය ඔහූ ගේ වාසනාව පිළිබඳ ගැටලුවක් විය යූතු ය.

“තමූසෙ දන්නව ද වැන්ඩ්ලර් ගැන..,..,?”

“ඔව් සර්…..”

වෝගන් ප්‍රීතියෙන් කතා කළේ ය. නගරයේ ලොකු ම සැලුන් එකේ වැඩ කරන වැන්ඩ්ලර් ගේ පෙම්වතියන් දෙදෙනා ගැන පවා ඔහූ දනී. මිනිසූන් වැඩි ගණනක් හැඳිනීම හොඳ මාධ්‍යකරුවකු ගේ ලකෂණයකි.

“මිනිහ ගෙන් තමයි මාත් කොන්ඩෙ කපන්නේ…..”

ප්‍රධානියා හිසේ අතගසාගෙන නිහඬව ම අසූනෙන් වාඩි විය.

“තමූසෙ ගේ කොන්ඩෙ කපන බූරුවෙක් නෙමෙයි මිනිහෝ…. මං අහන්නෙ අර ප්‍රසිද්ධ නේෂන්ස් බෑන්ක් නඩූවට අහූවෙච්ච වැන්ඩ්ලර් ගැන…”

වෝගන් ගේ මූහූණ දුර්වර්ණ වී ගියේ ය. මීට අවූරුදු 3කට පමණ පෙර සිදු වූ නේෂන්ස් බෑන්ක් නඩූව ප්‍රාන්තය පූරා ප්‍රසිද්ධියට පත් වූ නමූදු ඒ ගැන සොයන්නට කිසිදු වූවමනාවක් ඔහූට වූයේ නැත. ඔහූ දෑන සිටියේ එයින් අසාමාන්‍ය අන්දමින් විත්තිය ජයගත් බව පමණි.

වෝගන් ගේ මූහූණ දෙස මොහොතක් බලා සිටි ප්‍රධානියා කතා කරන්නට ගත්තේ ය.

“මේ වැන්ඩ්ලර් කියන මිනිහ ගේ ජීවිතේ මූල හරිය ගැන දන්නෙ බොහොම ටික දෙනයි. වැන්ඩ්ලර් මූලින් ම වැඩ කළේ කැලිෆෝනියාවල “මැග්නවිස්ටි රිසර්ච්” එකේ මොළය පිළිබඳ විශේෂඥ පර්යේෂකයෙක් විදිහට. කාලයක් මිනිහ ඉන්දියාවටත් ගිහින් හිටියා. ඒ ගමනින් ටික කාලෙකට පස්සේ වැන්ඩ්ලර් එතනින් අයින් වූණා. ඊට පස්සේ මිනිහ කරපූ දේවල් ගැන කිසිම හෝඩූවාවක් නැහැ. අවූරුදු දෙකකට විතර පස්සේ වැන්ඩ්ලර් ආපහූ මතු වූණා. ඒ ව්‍යාපාරිකයෙක් විදිහට, ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට. මිනිහ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කරන්න ගත්තා. වැන්ඩ්ලර්ට තිබ්බේ හොඳ ව්‍යාපාරික බූද්ධියක්. හිතන්නවත් බැරි තරම් ඉක්මණින් මිනිහ දියූණූ වූණා. කොටස් ගන්නවා විකුණනවා. කවදාවත් මිනිහට අලාභයක් පාඩූවක් වූණේ නැහැ. නේෂන්ස් බැංකුවේ සිද්ධිය ඉන් එකක් විතරයි. වැන්ඩ්ලර් ඒකෙ කොටස් ගත්තෙ බොහොම අඩූවට විකුණූවේ. ඒ වගේ සිය ගූණයකින්, මාස දෙකක් යන්න කලින් බැංකුව වැටූණා. බැංකුව වැටෙන බව දෑන දෑනත් කොටස් විකුණූවා කියලා ඔහූට නඩූ දෑම්මත් ඒවගෙනූත් ඔහූ දින්නා. වැන්ඩ්ලර් තමා ගේ ම කියල පටන් ගත්ත ව්‍යාපාරත් කවූරුත් අතගහන්න අකැමැති විදිහෙ අවදානම් සහගත ව්‍යාපාර. ඒ වගෙනූත් මිනිහ අසාමාන්‍ය විදිහට ලාභ ලැබූවා. ඉක්මණින් ම වැන්ඩ්ලර් කියන්නේ ව්‍යාපාරික ලෝකයේ වැදගත්, ප්‍රසිද්ධ නමක් වූණා.”

ප්‍රධානියා සිය මේස ලාච්චූවෙන් යමක් සොයමින් කතා කළේ ය.

“ඕනෑ ම ධනවත් ව්‍යාපාරිකයෙකු වගේ ම ඔහූවත් කිහිප වරක් ම මංකොල්ල කල්ලිවලින් පැහැර ගන්න උත්සාහ කළත් ඒ හැම වෙලාවෙ ම ඊට කලින් නිර්ණාමිකව ලැබූණූ ඔත්තුුවලින් උන්ව අල්ලගන්න පොලිසියට පූළුවන් වූණා.”

හේ ලාච්චූවෙන්, කැපූ පත්තර කැබැල්ලක් ගෙන වෝගන් ඉදිරියෙන් තැබූවේ ය. එහි වූයේ නමගිය මැර කල්ලියක් පොලිස් අත්අඩංගුවට පත්වීමක් සම්බන්ධ ප්‍රවෘත්තියකි.

“මේ ඔහූව පැහැර ගන්න ගත්ත අන්තිම උත්සාහ ය. මේ සිද්ධියත් එක්ක වැන්ඩ්ලර් පූදුම විදිහට වෙනස් වූණා. දිගින් දිගට ම මිනිහ අසාර්ථක වූණා. හරියට සියදිවි නසා ගැනීමක් වගේ තමා ගේ ව්‍යාපාර සේරම බිඳ වැටෙන්න ඇරලා මිනිහා මූකුත් නොකර බලාගෙන හිටියා. වැන්ඩ්ලර් ධනවතෙක් වූණේ කොයිතරම් ඉක්මණින් ද, ඒ විදිහට ම මිනිහ ආපහූ හිටපූ තත්ත්වෙට ම වැටූණා. ඊට පස්සෙ කාටවත් ඔහූ ගැන හොයන්න වූවමනාවක් තිබ්බෙ නැහැ. ඉන්පස්සෙ ඔහූ ගැන කිසිම ආරංචියක් නැහැ.”

මෙතෙක් සාවධානව ඇහූම් කන් දීගෙන සිටි වෝගන් තමාට පැවරෙන රාජකාරය කුමක් වේ දෑ යි කල්පනා කළේ ය. තමා ඉදිරියේ ඇති වසර දෙකක් පැරැණි පූවත්පත් කැබැල්ල කියාපාන්නේ තම ප්‍රධානියා මේ ගැන විශේෂයෙන් සොයා බලා තිබෙන බව ය. එසේ නම් මෙය වැදගත් කටයූත්තක් විය යූතු ය.

“මට ආරංචියක් ආවා මිනිහ දෑන් මාස හයකට විතර කලින් ඉඳල පදිංචිවෙලා ඉන්නේ මෙහෙ කියලා, ස්ටැපන්බර්ග් පාරේ….”

හේ කොළ කැබැල්ලක යමක් ලියා එය වෝගන් ඉදිරියෙන් තැබූවේ ය. එහි වූයේ ස්ටැපන්බර්ග් පාරේ නිවසක ලිපිනයකි.

“තමූසෙ ගිහිල්ලා මිනිහත් එක්ක කතා කරල මිනිහ ගේ ව්‍යාපාරික ජීවිතය ගැන වාර්තාවක් අරන් එනවා. මිනිහ ගේ සාර්ථකත්වය ගැන නම් අතින් දාලා හරි ලියන්න බැරි යැ, ඔය කැපවීම අධිෂ්ඨානය, කාල කළමනාකරණය…. වගේ දෙයක්……. තමූසෙ පූළුවන් නම් මිනිහ ගෙන් එළියට ගන්නවා මිනිහ එකපාරට ම වැටූණේ ඇයි කියලා….”

කථාව අවසන් බව හඟවමින් ප්‍රධානියා පසෙක වූ ෆිල්ටරයෙන් වතුර වීදුරුවක් පූරවා ගත්තේ ය.

“මූකුත් ප්‍රශ්න එහෙම තියෙනවා ද?”

වෝගන් නැතැ යි යන්න හඟවන්නට හිස දෙපසට සැලුවේ ය.

“හොඳයි එහෙනම් යනවා. මතක තියාගන්නවා මිනිහ මෙච්චර කල් තනියම අප්‍රසිද්ධියෙ ජීවත් වූණේ. මේකෙන් මිනිහ ගේ නිදහස නැතිවෙයි කියල තේරෙන විදිහට හැසිරෙන්න එපා!”

වෝගන් හිස සලා හිඳ සිටි පූටූවෙන් නැගිට යන්නට සූදානම් වූයේ ය.

“මේක කවදා විතර ද සර් ඕනෑ..?”

ප්‍රධානියා බීමට මූව වෙත ළං කළ වතුර වීදුරුව අතරමඟ දී නතර කළේ ය. ඔහූ ගේ දැස කෝපයෙන් සීතල වී තිබිණි. එහෙත් ස්වරය සන්සූන් විය.

“ලබන අවූරුද්දෙ විතර ගේනවා…”

තමා මෙය දෑන් ම කළ යූතු බව තේරුම් ගත් වෝගන් පරිස්සමින් හිස සලා කාමරයේ දොරටූව වෙත ගොස් තවත් යමක් කල්පනා වී ආපසූ හැරුණේ ය.

“මිනිහ ගේ ව්‍යාපාරික ජීවිතේ ගැන වාර්තාවක් දෙන්න මිනිහ අකැමැති වූණොත් මොකක් ද කරන්නේ සර්…?”

මොහොතකින් පසූ පිළිතුරු ලැබිණි.

“මිනිහ ගේ යට ඇඳුම් ගැන වාර්තාවක් ගේනවා !”

තම ප්‍රධානියා ගේ සන්සූන්දායී ස්වරයෙන් ඔහූ නැවත වරක් පිපිර යාමට ආසන්න බැව් තේරුම් ගත් වෝගන්, දෙබැම උස්සා ගත් වන ම කාමරයේ දොර හිිමින් සිරුවෙන් වසමින් ඉන් පිටවූයේ ය.

තම ආම්පන්න රැගත් කුඩා බෑගය උරහිසේ ලාගත් වෝගන්, කාර්යාලයෙන් පිට වී පාරට බැස්සේ ය. තවමත් උදැසන බැවින් හා ස්ටැපන්බර්ග් පාරට එතරම් දුර නැති බැවින් හේ පයින් ම ගමන් කිරමට තීරණය කළේ ය. අතරමඟ දී ඔහූට හෝකින්ස් ගේ නිවසට ද ගොඩ වැදී මේ ගැන උපදෙසක් ලබාගෙන යාමට පූළුවන.

හෝකින්ස් ප්‍රවීණ පූවත්පත් වාර්තාකරුවකු වූ අතර, ඔහූ සේවය කළේ නගරයට අලුතින් එක් වූ “ඩීබර්ග් ටයිම්ස්” පූවත්පතට ය. ඩීබර්ග් ටයිම්ස් හා මෝනිං ඩීබර්ග් තරගකාරි පූවත්පත් දෙකක් වූව ද වෝගන් හා හෝකින්ස් හොඳ යහළුවෝ වූ හ.

“ඔව් ඇත්තට.. ම….”

වෝගන් පූදුමයට පත්වූ විටෙක නැඟෙන ආකාරයේ සිනහවක් මූහූණට නංවා ගැනීමට උත්සාහ කළේ ය.

“ඒක නම් හරිම අපූරූයි. මමත් හූඟක් උන්නදු කාරණයක් තමයි ඔය කාලතරණය කියන්නේ…”

වැන්ඩ්ලර් ගේ මූවට නැගුණූ සිනහව හා දෙනෙතෙහි ඇඳුණූ දීප්තිය වෝගන් ගේ සාර්ථකත්වය කියා පෑවේ ය.

“හොඳයි ඒකත් එහෙම නම්….”

වැන්ඩ්ලර් සිය ඉරියව්ව උනන්දු සහගත එකක් බවට වෙනස් කළේ ය.

“කියමූ බලන්න ඔහේ මොනව ද කාලතරණය ගැන හිතන්නේ….”

නැවත වරක් තමා ගේ බෙල්ල මූලින් ම අල්ලාගෙන ඇතැ යි වෝගන්ට සිතිණ. මොහොතකට පෙර වැන්ඩ්ලර් නැගූ සිනහව උපහාසාත්මක එකක් විය යූතු ය.

“කාලතරණය කියන්නේ … ඇත්තට ම …”

වෝගන් කියන්නට යමක් කල්පනා කළේ ය.

“කාලතරණය කියන සංකල්පය මූලින් ම බිහිවූණේ මීට සතවර්ෂ දෙකකට විතර කලින්….. ඒත් මෙච්චර කාලෙකට ඒකෙන් වැඩක් අරං තියෙන්නෙ විද්‍යා ප්‍රබන්ධ රචකයන් විතරයි….”

වෝගන් හිමින් සීරුවේ වැන්ඩ්ලර් ගේ මූහූණ දෙස බැලුවේ ය. කිසිඳු ප්‍රතිචාරයක් නැත. තමා තවදුරටත් කථාව ගෙන යා යූතු ය.

“කාලය…. එහෙමත් නැත්නම් හතරවෙනි මානය දිගේ අතීතයටත් අනාගතයටත් යෑම ලස්සන අදහසක් වූණත් අයින්ස්ටයින් ගේ විශේෂ සාපේකෂතාවාදයෙන් කාලතරණය විය හැකි දෙයක් ය කියලා සමහරු කියන උත්සාහ කළත්, කාලතරණය කියන්නේ නිකම්ම නිකම් සංකල්පයක්, එහෙමත් නැත්නම් මිත්‍යාවක් විතරයි.”

“මිත්‍යාවක්….!”

එවර දෙබැම ඉහළ නංවා ගත්තේ වැන්ඩ්ලර් ය.

“ඔහේ කොහොම ද ඒක මිත්‍යාවක් කියල කියන්නේ…,?”

වෝගන් සතුටට පත් වූයේ ය. තමා කෙසේ හෝ මොහූව කථා කිරිමට පොළඹවා ගෙන තිබේ.

“මං එහෙම කියන්නෙ කාලතරණයට විරුද්ධව ගොඩනඟල තියෙන පරස්පර තවම බිඳ වැටිලා නැති හින්ද, උදාහරණයක් විදිහට මී මූත්තා ගේ පරස්පරය, එහෙමත් නැත්නම් බූටි ස්ට්‍රැප් පරස්පරය වගේ ගන්න පූළුවන් අනෙක් කාරණේ කාල යන්ත්‍රයක් අනාගතයේ කවදා හරි දවසක හදනවා නම් අතීතයට එන කාල යාත්‍රිකයන් අපට හම්බවෙන්න ඕනෙ. ඒත් ඉතිහාසයේ කිසිම තැනක එහෙම සඳහනක් නෑ…”

වැන්ඩ්ලර් තෘප්තියට පත්වූවකු මෙන් හිසවැනූවේ ය.

“එතකොට, ඔහේ අහල තියෙනවා ද ක්ලෝනීයතරණ පරස්පරය ගැන…”

වෝගන් නළල රැළි නංවාගෙන මොහොතක් කල්පනා කළේ ය. ක්ලෝනීකරණයක් ගැන හෝ කාලතරණයක් ගැන මිස ක්ලෝනීයතරණයක් ගැන ඔහූ අසා නැත. හැරත් මේ කථා කරන්නේ ක්ලෝනීයතරණ පරස්පරයක් ගැන ය.

වෝගන් නොදන්නා බව හඟවන්නට හිස දෙපසට වැනූවේ ය.

“ඔහේ ඒ ගැන අහල නැති එක පූදුමයක් නෙවෙයි.”

වැන්ඩ්ලර් කතා කළේ ය.

“ඒකට හේතුව කාලතරණය ගැන මතවාද පරස්පර සේරම ගොඩනඟන්නේ ඔහේල අපි වගේ බටහිර මිනිස්සූ වීම. එහෙමත් නැත්නම් පෙරදිග මිනිස්සූ කවදාවත් ඒව ගොඩනඟන්න උනන්දු නොවීම.”

වෝගන්ට එයින් යමක් තේරුම් නොගියත්, ඔහූ එය කියූ බැරෑරුම් ස්වරූපය හේ නිරකෂණය කළේ ය.

“හොඳයි”

වැන්ඩ්ලර් හදිසියේ අවදි වූවකු මෙන් අසූනේ හරිබරි ගැසී වාඩි විය.

“මම ඒ ගැන කියන්නම්. ඒත් ඊට කලින් ඔහේ ගේ බීම එක ගැනත් අවධානය යොමූ කළොත් හොඳයි.”

වෝගන් සිය දැත දෙස බැලී ය. එහි බීම බඳුනක් වූ බව ඔහූට කල්පනා වූයේ දෑන් ය.

“ටිකකට හිතන්න ඔහේ කාල යානයක් හැදුවා කියලා. ඔබ ඒකෙන් සතියක් අතීතයට ඒ කියන්නේ ගිය බදාදාට කාල තරණය කරනවා. එතකොට ගිය බදාදා ඇත්ට ම හිටිය වෝගනූයි කාල තරණය කරල අතීතයට ආපූ වෝගනූයි එතන වෝගන්ලා දෙන්නෙක්. හරියට ම කිව්වොත් සතියක වයසින් විතරක් වෙනස් සර්ව සම ක්ලෝන පිටපත් දෙකක්…… ඔබට ඒක පැහැදිලි ද?”

වෝගන් හිස වැනූවේ ය.

“හොඳයි ඒ විදිහට උවමනා නම් ඔබට නැවත නැවත කාලතරණය කරලා වෝගන්ලා හමූදාවක් වූණත් ගි බදාදා හදනන් පූළුවන්.”

“ඊළඟට….”

වැන්ඩ්ල්ර් අලූත් ආරම්භයක් ගත්තේ ය.

“ඔහේ පිළිගන්නව ද පෙරදිග ආගම්වල සඳහන් වෙන මිනිහෙක් මිය ගිහින් නැවත නැවතත් උපදිනවා කියන කාරණේ්.., පූනරුප්පත්තිය ගැන.”

වෝගන් මූවින් නොදොඩා “ඔව්” යන්න හඟවන්නට හිසෙන් අභිනයක් දෑක්වූයේ ය. වැන්ඩිලර් නැවතත් කතා කළේ ය.

“පිළිගත්තත් නැතත් ඒක එහෙම තමයි. මිනිහෙක්් මැරුණට පස්සේ එයාගෙ මනෝමය ශරරය අවකාශයට එකතු වෙනවා. ඉන්පස්සේ ආපහූ අම්මා කෙනෙක් ගේ ගර්භාෂයේ දී සජීවි කලලයකට එකතු වෙලා ආපහූ ඉපදෙනවා. ඒකට කියන්නේ ආත්මය කියලා. කෙනෙක් කී පාරක් මැර මැර ඉපදුනත් එයාට තියෙන්නෙ එක ම එක මනෝමය ශරරයක් එහෙමත් නැතිනම් ආත්මයක් විතරයි. ඔබට ඒක පැහැදිලියි ද?”

වෝගන් පැහැදිලි උනන්දුවකින් යූතුව එය එසේ බව හඟවන්නට හිස වැනූවේ ය. කතාව එන්න එන්න ම රසවත් වීගෙන යයි.

“ඊළඟට අපි ආපහූ අපේ පළවෙනි උදාහරණයට යමූ. ගිය සතියේ බදාදා වෝගන් ජිවත්වූණූ බව පැහැදිලියි. ඒත් කාලතරණය කරලා අතීතයට යන වෝගන්……! ජීවිතයක් කියන්නේ භෞතික ශරරයකයි, මනෝමය ශරරයකයි සංයූක්තයක්. ඒ දෙක වියූක්ත වූණොත් එතන ජීවයක් නැහැ.”

“එක වගේ භෞතික ශරරයක පිටපත් දෙකක් පවතින්න පූළුවන්. ක්ලෝනකරණ තාකෂණයෙනූත් සිද්ධ වෙන්නෙ ඒ වගෙ දෙයක්නෙ. ඒත් ආත්මයකට එක වගේ පිටපත් දෙකක් තියෙන්න පූළුවන් ද..?”

වැන්ඩ්ලර් අසූනෙන් ඉදිරියට නැමී දැඟිලි බැඳ දෙදණට බර දුන්නේ ය.

“මේ සිදු වීම සිද්ධ වෙනන් පූළුවන් විධි දෙකක් තියෙනවා. පළමූ වැනි එක ගිය බදාදාට කාල තරණය කරන්නේ භෞතික ශරරය පමණක් වීම. එතකොට වෝගනූයි තව වෝගන් ගේ ම මළ මිනියකුයි තියේවි.”

“දෙවනි එක ඒ යන භෞතික ශරරයට අවකාශයෙන් වෙනත් මනෝකායක් ආරෝපණය වීම. එතකොට බාහිර ස්වරූපයෙන් සමාන දෙන්නෙක් ඉදිවි. ඒත් අනෙකා කීයටවත් තවත් වෝගන් කෙනෙක් නම් වෙන්නේ නැහැ. මොක ද එයා ගේ විඥානය, සිතිවිලි සම්පූර්ණයෙන් ම වෙනත් කෙනෙක් ගේ හින්දා.”

වෝගන් විස්මයෙන් යූතුව අසාගෙන සිටියේ ය.

“ඒ විදියට ගත්තහම පළවෙනි අවස්ථාවේ වෝගන් කාලතරණය කරා කියල කියන්න බැහැ. මොක ද අතීතයට යන්නේ වෝගන් ගේ සිරුර විතරක් හින්දා. දෙවෙනි අවස්ථාවෙදීත් වෝගන් කාලතරණය කරා කියලා කියන්න බැහැ. මොක ද අතීතයට ගිහින් ඉන්නෙ වෝගන් වගේ ම ඒත් වොගන් නොවන කෙනෙක් හින්දා.”

වැන්ඩ්ිලර් නැවත අසූනට හේත්තු විය. වෝගන් විස්මයට පත්වූවකු මෙන් බලාගෙන සිටියේ ය. මින් පෙර කිසි දිනෙක ඔහූ මෙබන්දක් අසා තිබූණේ නැත. තර්කය පැහැදිලි ය. පූනරුප්පත්තිය සැබෑවක් නම්, අනෙකුත් පරස්පරයන් ගැන කතා කිරමට කලින් කතා කළ යූත්තේ මේ ගැන ය.

ක්ලෝනීයකරණ පරස්පරය

ඊට ම ඔබින අපූරු නමකි. භෞතික ශරරයක කෙසේ වෙතත් මනෝමය ශරරයක සර්ව සම පිටපතක් කිසි කලෙක ඇති විය නොහැක්කකි. මෙය කවරෙකු විසින් ඉදිරිපත් කරන ලද්දක් දෑ යි ඊළඟට හේ කල්පනා කළේ ය.

“ඇත්තට ම මේක මූලින් ම කිව්වේ කවූ ද? මං කවදාවත් මෙහෙම එකක් ගැන අහල නෑ.”

වැන්ඩ්ලර් ගේ මූවගට සියූම් ආඩම්බර සහගත සිනාවක් නැඟෙනූ වෝගන්ට පෙනූණි.

“මේක සම්පූර්ණයෙන් ම මගේ නිර්මාණයක්.”

වෝගන් විස්මය හඟවන්නට දෙබැම ඉහළට එසවූයේ ය. ඊළඟට එය මූහූණ පූරා පැතිරුණූ මන්දහාසයක් බවට පත්වූයේ ඔහූ ගේ සිතට නැඟෙන්නට ගත් අලූත් සිතිවිල්ලක් නිසා ය.

ව්‍යාපාරිකයෙකු ගේ ව්‍යාපාරික ජීවිතය ගැන ලියන වාර්තාවක ඇති අගය කුමක් ද? දිනපතාම පූවත්පත්වල එබඳු වාර්තා සිය ගණනින් පළවනවා ඇත. එහෙත් කාල තරණ කෙෂ්ත්‍රයේ නව සොයා ගැනීමක්.., අලූත් පරස්පරයක්.., කිසි දිනෙක මෝනිං ඩීබර්ග් පත්‍රයේ එබන්දක් පළවී නැති බව ඔහූට විශ්වාස ය. සිය ප්‍ර්‍රධානියා විමතියට පත්වනූ ඇත. සිය වාර්තාවේ මාතෘකාව ව්‍යාපාරයෙන් කාලතරණයට මාරු කරන්නට හේ තීරණය කළේ ය.

සිය පූටූව ඉදිරියට ගත් වෝගන් නෝටිපොත හා පෑන සූදානම් කරගෙන වැන්ඩ්ලර් දෙසට නැඹූරු වූයේ ය.

“ඒ කියන්නේ, ඔබ කියන විදිහට කාල තරණය කරන්න කවදාවත් බැහැ…?”

පූවත්පත් වාර්තාකරුවා ගේ හදිසි විපර්යාසය දෑක වැන්ඩ්ලර්ට සිනහ පහළ විය.

“ඔහේ ඔහේ ගේ මාතෘකාව වෙනස් කරගෙන වගෙයි.?”

තම සිතිවිලි වැන්ඩ්ලර්ට තේරුම් ගිය බව දෑනූන වෝගන්ට ලැජ්ජාශිලී මඳහසක් නැගුණි. ඔහූට එය නොදෑනෙන්නට හැසිරෙන්නට තිබිණි.

“කොහොම වූණත් කමක් නැහැ. මාතෘකාව කාලතරණය නම් ඔහේට මගේ සම්පූර්ණ සහයෝගය තියෙනවා.”

වැන්ඩ්ලර් ගේ මඳහස තවම මැකී තිබූණේ නැත.

“ඔහේ අහපූ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මම එහෙම දෙයක් නොකියපූ බවයි.”

වෝගන් පූදුමය පළ කළේ ය.

“එතකොට දෑන් ටිකකට කලින් ඔබ ගොඩනඟපූ පරස්පරය……?”

වැන්ඩ්ලර් සිය උඩූකයේ බර අසූනේ වම් ඇන්දට බාර දුන්නේ ය.

“ඒකෙන් අදහස් වූණේ දැනට විද්‍යාඥයෝ, විද්‍යා ප්‍රබන්ධ රචකයෝ එහෙම කියන සම්මත ක්‍රමවලින් කාල තරණය කරන්න බැහැ කියන එකයි.”

“එහෙනම් මොකක් ද ඔබ යෝජනා කරන මේ අසම්මත ක්‍රමය ?”

“යෝජනා කරන…..?”

වැන්ඩ්ලර් වෝගන් ගේ එම වදන ප්‍රශ්නාර්ථයක ලෙසින් නැවත පූනරුච්චාරණය කළේ ය. ඉන්පසූ මොහොතක් කල්පනා කරමින් සිටි වැන්ඩිලර් අසූනෙන් නැගී සිටියේ ය.

“එන්න මාත් එක්ක”

සිය ගමන් බෑගය කරෙහි ලා ගත් වෝගන් තරප්පූ පෙළ දිගේ ඉහළට නඟින වැන්ඩ්ලර් ව අනූගමනය කළේ ය. ඒ අතර වාරයේ ඔහූ දිගින් දිගට ම කල්පනා කළේ ඔහූ ගේ වාර්තාව ගැන ය.

තරප්පූ පෙළ අවසන් වූ තැනින් කුඩා කොරිඩෝවක් ආරම්භ වී තිබිණි. කොරියාවේ කෙළවර වූ ජනේලයෙන් වැටූණූ හිරුරැස් තවමත් උදැසන බව කියාපෑවේ ය. කොරිඩෝවට සමාන්තර ව නිදන කාමර තුනක් පිහිටා තිබූ අතර වැන්ඩ්ලර් ඉන් දෙවැන්න ඉදිරියේ නතර වූයේ ය. සාක්කුවෙන් ගත් යතුරකින් වෑන්ඩ්ලර් දොර විවෘත කළ විට වෝගන් පූදුමයට පත්වූයේ ඉන් එහා වූ දෙය දෑකීමෙනි. විවර කළ දොරින් එහා වූයේ තවත් දොරකි. සාමාන්‍ය දොරක් නොව රහස් අංකයක් යොදා විවෘත කළ යූතු වානේ දොරකි.

වෝගන් බලාපොරොත්තු වූ පරිදි ම ඇතුල් කාමරය තරමක සූඛෝපභෝගී ආකාරයෙන් නිමවා තිබිණි. එය කාමරයකට වඩා කෞතුකාගාරයක ස්වරූපයකට ආසන්න විය. බැලු බැලූ අත වූයේ පැරැණි ප්‍රතිමා, මැටි බඳුන්, ලෝහ කැටයම් ආදිය ය. කාමරයේ එක් බිත්තියක් තිරයකින් වසා ආවරණය කර තිබූ අතර අනෙක් සෑම බිත්තයක ම ඉතා වටිනා විය හැකි විව්ධ චිත්‍ර එල්ලා තිබිණි.

“මේක තමයි ඒ දවස්වල මගේ විනෝදාංශය.”

දොරටූව අසල දී වෝගන්ට ඉස්සර වීමට ඉඩ දුන් වැන්ඩ්ලර් දොර වසා අවට සිරි නරඹමින් සිටි වෝගන් පසූකර යමින් කාමරයේ කෙළවරක වූ ජනේලය විවෘත කරන ගමන් කතා කළේ ය.

“මේ ගෙදර වටිනා කියන දේට කියල තියෙන්නෙ මෙච්චර තමයි.”

සාමාන්‍ය ජනේලයක් මෙන් පෙනූණ ද එය ද බිත්තිය හරහා යන වානේ දොරකින් සමන්විත එකක් විය හැකි යැ යි වෝගන් උපකල්පනය කළේ ය.

“හොඳයි එහෙනම්…”

ආපසූ හැරුණූ වැන්ඩ්ලර් කතාවක් පවත්වන්නට යන්නකු මෙන් වෝගන් දෙස බැලූවේ ය.

“ඔහේ ගේ මාතෘකාවත් වෙනස් කරපූ එකේ….”

වැන්ඩ්ලර් ගේ මූවග ආඩම්බරය මූසූවූ මඳහසක් දෑවටි තිබිණි.

“මං ඔහේට මගේ කාල යානය පෙන්වන්නම්……”

වෝගන්, තමා ඒ විහිළුවට සිනාසිය යූත්තේ කුමන ප්‍රමාණයකින් දෑ යි සිතමින් සිටි මොහොතේ අසල වූ විශාල තිරය දෙසට ළං වූ වැන්ඩ්ලර් එය පසෙකට ඇද්දේ ය.

සිනහසෙන්නට විවර කර ගත් මූව එලෙස ම තිබිය දී වෝගන් තුෂ්නිම්භූත වූවකු මෙන් තිරයෙන් එහා වූ දේ දෙස නොසැලී බලා සිටියේ ය.

මොහොතකට පසූ වෝගන් ම නිහැඬියාව බින්දේ ය. තවමත් ඔහූ යථා තත්ත්වයට පත්වී සිටියේ නැත.

“ඔබ කියන්නේ මේක කාල යානායක් කියල ද?”

“ඇයි ඔබට පේන්නෙ ඒක දන්ත වෛද්‍යවරයකු ගේ පූටූවක් වගේ ද?”

වෝගන් විස්මයෙන් යූතු ව සිනහසෙමින් සිටින වැන්ඩ්ලර් දෙස බැලූවේ ය. සත්‍ය වශයෙන් ම එය දුටූ සැනින් වෝගන්ට පහළ වූ පළමූ සිතිවිල්ල එය විය. එහි වූයේ දන්ත වෛද්‍යවරුන් රෝගීන් පරීකෂා කිරීමට යොදා ගන්නා ආකාරයේ පූටූවක්, එයට ම සම්බන්ධ කළ ලැප්ටොප් පරිගණකයක්, පසෙක වූ කළු පැහැති විශාල පෙටිටියක් හා අසූනත් පෙටිටියත් යා කළ වයර තොගයක් පමණි.

“ඇත්තට ම මේ පූටූව ගත්තේ දන්ත වෛද්‍ය උපකරණ හදන තැනකින් තමයි. ඉතින් ඔබට එහෙම පේන එකේ කිසිම වරදක් නැහැ.”

“ඔබ කියන්නේ මේකෙන් කාල තරණය කරන්න පූළුවන් කියල ද?”

වැන්ඩ්ිලර් හිස සැලූවේ ය.

“ඔව්… හැබැයි හූඟදෙනෙක් කාල තරණය කරන්න බලාපොරොත්තු වන විදිහට භෞතික ව නම් නෙවෙයි….”

සිය දැත් කලිසම් සාක්කුවෙහි රුවාගත් හේ, කාල යානය දෙස බලාගෙන ම දිගට ම කතා කළේ ය.

“මම මෙතෙන් දි වෙන දේ සරල ව පැහැදිලි කරන්නම්! අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණය ම ගනිමූ. ඔබ මේ යානයෙන් සතියක අතීතයට යනවා. ඇත්තට ම එතෙන් දී වෙන්නේ ඔබේ අද ආත්මයෙන් ඔබේ ගිය බදාදා ආත්මය ප්‍රතිස්ථාපනය වීමක්. ඒ කියන්නේ කිසිම විදිහකින් ඔබේ භෞතික ශරීරය අතීතයට යන්නේ නැහැ. ඔබේ මේ මොහොතේ මතකයයි ඒ මොහොතේ මතකයයි ඡේදනය වෙනවා. ඔබේ අතිරික්ත මතකය කෂණයකින් ගිය සදුදා භෞතික ශරීරයේ මොළයට ආරෝපණය වෙනවා. අන්තිමට වෙන දේ සරල ව කිව්වොත් කාල තරණයෙන් පස්සේ ගිය බදාදා ඉන්නෙ සතියක අනාගතය ගැන දන්න අනාවැකි කියනන පූළුවන් වෝගන් කෙනෙක්.”

වෝගන් සූපූරුදු පරිදි විස්මයෙන් දෙබැම එසවීය. සිය උඩූකය වෝගන් දෙසට ඇළ කළ වැන්ඩ්ලර් අලූත් කතා විලාසයකින් කතා කළේ ය.

“ලබන සතියේ කාලගුණ විපර්යාසය කොහොම ද හෙට තියෙන ඡන්දෙන් දිනන්නෙ කවූ ද, සතියේ කොටස් වෙළෙඳ පොළේ හැසිරීම කොයි වගේ ද, අනිද්දා තියෙන විභාගෙට එන ප්‍රශ්න මොනව ද, ඔබේ බලපෑම නිසා අලුතින් අනාගතයේ වෙනස් වන දේවල් හැර අනෙක් ඕනෑ ම දෙයක් ගැන ඔබට අනාවැකි කියන්න පූළුවන්…”

“මේකෙන් ඕනෑ තරමක් අතීතයට යන්න පූළුවන් ද….? ”

වෝගන් ගේ පැනයට වැන්ඩ්ලර් මඳහසක් පෑවේ ය.

“න්‍යායාත්මකව පූළුවන්. ඒත් ප්‍රායෝගික ව ඒක හූඟක් අවදානම් සහගත දෙයක්. එක පාරක් කාල තරණය කළා ම දෑනෙන දේ මං කියන්නම්, එතකොට තේරෙන්නෙ හරියට ම මගෙ ඇඟ ඇතුළෙ දෙන්නෙක් ඉන්නවා වගෙයි. නැත්නම් තව කෙනෙක් මගේ සිරුරට අවේශ වෙලා වගෙයි. ඒකට හේතුව ඒ වෙනකන් තිබූණූ මතකයටයි අලුතින් ආරෝපණය වූණූ මතකයටයි දෙකට ම සාපේකෂ ව ඇති වන සිතිවිලි පරම්පරාව සිත කියල හැඳින්නූවොත් කාල තරණයක් කරපූ ගමන් ම අලුත් සිතයි පරණ සිතයි එකිනෙකට ගැටෙන්න ගන්නවා. මේ ගැටූමේ ප්‍රබලතාවය රඳා පවතින්නේ අපි අතීතයට යන කාලාන්තරය උඩ. ඔබට මං කියන දේ තේරෙනව ද මිස්ට වෝගන්….?”

වැන්ඩ්ලර් ගේ පැනයට වෝගන් “ඔව්” යන්න හඟවන්නට සෙමෙන් හිස වැනූවේ ය. සියල්ල සාවධානව අසා සිටි ඔහූ, එය හරියට ම තේරුම් ගන්නට උත්සාහ කරමින් සිටියේ ය.

“හොඳයි, උදාහරණයක් විදිහට මම සතියක් අතීතයට ගියා කියමූ. එක පාරට ම අද්භූත ආගන්තුක සිතිවිලි මැවෙන්න ගත්තම මගේ පරණ සිත තේරුම් ගන්නවා මං කාල තරණය කිරමක් කරල තියෙන බව. මොක ද මම කාල යානයක් හදල තියෙන බවත්, කාල තරණය කිරමක දී මේ වගේ දෙයක් වෙන්න පූළුවන් කියන එකත් මගේ පැරැණි මතකයේ තියෙනවා. මේ තේරුම් ගැනීමත්, මේ එක ම මතක රේඛාවක කොටස් දෙකක් කියල සිත පිළිගැනීමත් එක්ක ම ආපහූ ඒවා සාමාන්‍ය විදිහට එක ම සිතිවිලි පරම්පරාවක් විදිහට වැඩ කරනවා.

ඊළඟට මම තව අවූරුදු දහයක් පහළොවක් අතීතයට ගියා කියමූ. ඒ කාලෙ මං කාල යානයක් හදල නිසා ඒ ගැන හිතලවත් නෑ. එතකොට මගේ අලුත් සිතයි පැරැණි සිතයි ගැටෙන්න ගන්නවා. පැරැණි සිත තත්ත්වය තේරුම් ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. ඒත් එහෙම නොවූණොත්! වැඩියෙන් ම ඉඩ තියෙන්නෙ එහෙම නොවෙන්නයි. මොක ද පැරැණි සිතට ඒ තීරණය ගන්නෙ සෘජූ මතකයකට සාපේකෂ ව නොවන හින්ද එකේ අන්තිම ප්‍රතිපලය තීරණයක් ගන්න බැරි නිශ්චිත වැඩක් කරගන්න බැරි පිස්සෙක් බවට මාව පත්වීම!”

වෝගන් ගේ මූවගට සිහින් සිනහවක් ගලා ආවේ ය. එවර නම් ඔහූට එය තේරුම් ගොස් තිබිණි. තමා ගේ අසන්නා තමා කියූ දේ තේරුම් ගත් බව දෑනගත් වැන්ඩ්ලර් තවත් උද්යෝගීමත් වූයේ ය.

“අපි තව අවූරුදු පණහක්, සීයක් හරි ඊට වැඩි කාලයක් අතීතයට යන්න තීරණය කළොත් තත්ත්වය ඊට වඩා බරපතළ වෙනවා. අපේ ජීවිත කාලයෙන් එහා අතීතයට ගියොත් ඒ වෙලාවේ අපේ ආත්මය මොනවගේ භෞතික ස්වරූපයකට අයත්වෙලා ඉන්නවා දෑ යි කියන්න අපි දන්නෙ නැහැ. සමහරවිට අපි ළමයෙක් හරි මහල්ලෙක් හරි වෙලා හිටියොත් අධික සිතිවිලි සංඛ්‍යාතය දරාගන්න බැරි ව ස්නායූ වෙහෙසට පත්වෙලා මියයාවි. හොඳ බූද්ධිමතෙක් වෙලා ඉඳල තත්ත්වය තේරුම් ගත්තත් අසාමාන්‍ය චරිත ලකෂණ තියෙන මිනිහෙක් වේවි. ඊටත් වඩා සමහර විට අපේ ආත්මය තියෙන්නෙ මළ සිරුරකුත් කළලයකුත් අතර නම් මතකයට ආරෝපණය වෙන්න බැරි හින්ද මූකුත් නොවූණා වගේ ම තියේවී”

මේ වන තුරු වැන්ඩ්ලර් ගේ කතාව තේරුම් ගැනීමට යොමූ වී තිබූණූ වෝගන් ගේ සිතිවිලි ධාරාව නැවතත් ඔහූ ගේ වාර්තාව දෙසට යොමූ වී තිබූණි. වෝගන් සිටියේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි. කාල තරණයට එරෙහි නව පරස්පරයක්! කාල තරණය කළ හැකි කිසිදා නොඇසූවිරු ක්‍රමයක් හා ඉන් ඇති විය හැකි ප්‍රතිඵල…..

මේ යානයෙන් කාල තරණය කළ හැකි බව ඔහූ තවමත් සම්පූර්ණයෙන් ම විශ්වාස කළේ නැතත්…., වෝගන් තමා හා සිනාසූනේ ය. තමාට විප්ලවීය වාර්තාවක් ලියන්නට ඕනෑතරම් කරුණූ තිබේ.

“එතකොට කාල තරණයකට වඩාත් සූරකෂිත සතියක්, මාසයක් වගේ කාලයකින් මෙහා..,,?”

“ඔව්”

වැන්ඩ්ලර් හිස වැනූවේ ය.

“හරියට ම කියනවා නම් කාල යානය හදපූ දවසෙන් මෙහා. ඒත් මං හිතනවා මගේ තරුණ කාලය වූණත් මේ තත්ත්වයට හැඩ ගැහෙයි කියලා. ඒත් මට කවදාවත් ඒ අවදානම බාර ගන්න ඕන වූණේ නැ…”

“හැබෑට ම….”

වෝගන්ට හදිසියේ සිතුවිල්ලක් පහළ වී තිබිණ.

“අනාගතයට යෑම ගැන මොක ද….? ඔබ අනාගතය ගැන කිසිම දෙයක් කථා කළේ නැහැ.”

මඳක් සිනාසූණූ වැන්ඩ්ලර්, වෝගන් දෙසට හැර ඔහූ ගේ උරහිසට සෙමෙන් තටිටූවක් දෑම්මේ ය. නැවත කාල යානය දෙසට හැරුණූ හේ ඒ දෙස බලාගෙන ම කථා කළේ ය.

“මේ කාල තරණය කරන්න පූළුවන් එක ම විදිහ නොවෙන්න පූළුවන්. අතීතයේත් අනාගතයේත් කාලයාන බිහි වූණා, බිහි වෙනවා, වෙන්න පූළුවන්. ඒත් කවමදාකවත් කිසිම විදිහකින්වත් අනාගතයට නම් කාල තරණය කරන්න බැහැ. ඒක තමයි කාල තරණයේ පළමූවෙනි නියම ය.

කාලය කියන්නේ හරියට කඩදාසියක් උඩ අඳින පෑන් ඉරක් වගේ. වර්තමානයේ පෑන් තුඩින් අතීතය ලියැවෙමින් පස්සට යනවා. කාලතරණය කරනවා කියන්නේ වර්තමානයේ ඉන්න ඔබ, නැත්නම් ඒ පෑන් තුඩ, ඇඳුණූ ඉර දිගේ ආපහූ ඇඳගෙන යෑමක් නෙවෙයි. කාලය කවදාවත් ඔබට අවශ්‍ය විදිහට පාලනය වෙන්නෙ නැහැ. කාල තරණයකින් වෙන එක ම දේ, ඔබ අතීතයේ තිබූණූ වර්තමාන මොහොතකට එකතු වෙන එක විතරයි. කාල තරණයකින් පස්සෙත් ඔබට අයිති, වර්තමානය හා අතීතය විතරයි. අනාගතයට යා හැකි එක ම විදිහ වර්තමානයට මූහූණදීම විතරයි.”

වෝගන් සිය පෑන ඇඟිලි අතර කරකවමින් තවත් අසන්නට යමක් කල්පනා කළේ ය. පෑන හා සටහන් පොත අතේ තිබූණ ද ඔහූ තවම කිසිවක් එහි සටහන් නොකළේ වැන්ඩ්ලර් හා කථා කළ හැම දෙයක් ම අපූරූවට ඔහූ ගේ මතකයේ සටහන් ව තිබූ හෙයිනි.

වෝගන්ට සිය ප්‍රධානියා ගැන කල්පනා විය. ව්‍යාපාරිකයෙකු ගේ දියූණූවේ රහස් ගැන වාර්තාවක් වෙනූවට ඔහූ සෑදු කාල යානය ගැන වාර්තාවක් ගෙන එන විට ඔහූට ඇති විය හැකි පූදුමය ගැන හේ සතුටින් කල්පනා කළේ ය.

“දෙවියනේ……”

හදිසියේ වෝගන් තොල මැතිරුවේ ය. ඔහූට හදිසියේ යමක් කල්පනා වෙමින් තිබිණ.

“දෙවියනේ….”

වෝගන් ගේ අතැඟිලි නිරායාසයෙන් ම ඔහූ ගේ හිසකෙස් අතර රැදිණි. විස්මයට පත් දෙනෙතින් යූතු ව වෝගන් වැන්ඩ්ලර් ගේ මූහූණ දෙස බැලුවේ ය.

“එතකොට….එතකොට….”

හේ තැනනූවේ ය.

“පත්තර වාර්තාකාරයෙක් හැටියට ඔහේ මේක මීට කලින් තේරුම් ගත යූතුව තිබූණා මිත්‍රයා….”

මඳ සිනහවක් පාමින් වැන්ඩ්ලර් කථා කළේ ය. සිය ආගන්තුකයා ගේ පූදුමයට හේතු වූ කරුණ හේ දෑන සිටියේ ය.

“කාල යානය හැදුවට පස්සේ, ඕනෙ ම කෙනෙකුට වගේ මටත් ඕන වූණා සල්ලි හොයන්න.”

වැන්ඩ්ලර් ආපසූ හැර ජනේලය දෙසට ඇඳුනේ ය. ඔහූ ගේ කටහඬ යම්කිසි පාපොච්චාරණයක ස්වරූපයක් ගත්තේ ය.

“මම මූලින් ම කළේ කැසිනෝ සෙල්ලම් කරපූ එක, තරගවල දී ඔටිටූ අල්ලපූ එක. ඒත් කාලයක් යද්දි මට ඒවා එපා වූණා. මට කවදාවත් ව්‍යාපාරිකයෙක් වෙන්න උවමනාවක් නොතිබ්බත් මම තීරණය කළා කොටස් වෙළෙඳ පොළේ ආයෝජකයෙක් වෙන්න. කාලයක් ඒකත් කරල ඇති වූණා ම මම මගේ ම ව්‍යාපාරත් පටන් ගත්තා. කාල තරණය කරන්න පූළුවන් මිනිහෙකුට, එහෙමත් නැත්නම් අනාගතය ගැන දන්න මිනිහෙකුට මොනතරම් දේවල් කරන්න පූළුවන් ද කියලා ඔබට හිතාගන්න පූළුවන් නේ ද?”

“හරි, එතකොට ඇයි ඔබ ඒ ව්‍යාපාර එකපාරට ම කඩාගෙන වැටෙන්න ඉඩ ඇරියේ”

“මම අසාමාන්‍ය විදිහට ඉතාමත් ඉක්මණින් ධනවතෙක් වූණා. බලය, ප්‍රසිද්ධිය, මාව හොයාගෙන ආවා. සමහරවිට ඔබ දන්නවා ඇති කිහිපවරක් ම මංකොල්ල කල්ලි මාව පැහැරගන්න උත්සාහ කළ බව?”

වෝගන් එය දන්නා බව හඟවන්නට හිස සැලූවේ ය.

“උන් මාව පැහැරගන්න උත්සාහ කළා නෙමෙයි. උන් මාව පැහැරගත්තා. හැම තිස්සෙම මං කළේ උන් ඉල්ලන කප්පම් සේරම දීලා උන්ගෙන් බේරිලා කාල යානයෙන් ආපහූ අතීතයට ගිහින් පොලීසියට ඔත්තු දීපූ එකයි.”

වැන්ඩ්ලර් දිගට ම කියාගෙන ගියේ ය.

“මූල දී මට ඒක විනෝදයක් වූණා. ඒත් අන්තිමට මාව පැහැර ගන්න උත්සාහ කරපූ එවූන් මට වෙඩි තිබ්බා. හොඳට ම අමාරුවෙලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද් දී කාල තරණය කරල මම බේරුණා…!

ඒත් ඊට පස්සෙ මට තේරුණා මේ හැම දේ ම මොනතරම් බොරුවක් ද කියලා. මිනිහෙක්ට සතුටින් ඉන්න මේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. හැම දේට ම වඩා වටින්නෙ ජීවිතය. මං තීරණය කළා ආපහූ හිටපූ විදිහට ම ජීවත් වෙන්න. මට හිසරදයක් වෙලා තිබ්බ සල්ලි ඒ විදිහට දියවෙන්න ඇරියෙ ඒකයි.”

වෝගන් ඒ වන විට සිය වාර්තාවට යෙදිය හැකි හිසක් ගැන කල්පනා කරමින් සිටියේ ය. සාර්ථකත්වයේ අභිරහස! රටක් සෙල වූ ව්‍යාපාරිකයා නිහඬ වූයේ ඇයි…! දියූණූවේ රහස- කාල කළමනාකරණය!

වෝගන් ප්‍රීතියෙන් ඉපිලුනේ ය. වටයක් ම කැරකී ගොස් ඔහූ තමා ගේ මූල් අරමූණ ම ඉටූ කරගෙන ඇත. ව්‍යාපාරිකයා ගේ සාර්ථකත්වයටත්, ඔහූ ගේ කඩා වැටීමටත් හේතුව ඔහූ දෑන් දනී. මේ යානයෙන් කාල තරණය කළ හැකි බවට දෑන් ඔහූ විශ්වාස කළේ ය. මේ ව්‍යාපාරිකයා ගේ අසාමාන්‍ය ව්‍යාපාර ජීවිතය ම ඊට සාකෂියකි. මෝනිං ඩීබර්ග් පත්‍රයේ නොව මූළු රටෙි ම, මූළු ලෝකයේ ම එතෙක් මෙතෙක් පළ වූ විප්ලවීය ම වාර්තාව තම වාර්තාව වනූ ඇත. ඔහූ අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත්වනූ නිසැක ය. කිසි කලෙක නොවූ විරූ වාර්තාවක් සැපයීම වෙනූවෙන් ඔහූ සම්මානවලින් පූද ලබනූ ඇත. ලෝකයේ ප්‍රධාන ප්‍රවෘත්ති පත්‍ර ඔහූව තම පත්‍රයට බඳවා ගැනීම සඳහා තරග කරනූ ඇත.

ළඟට ම පැමිණි වැන්ඩ්ලර්, උරහිසට තටිටූ කළ විට වෝගන් සිහින ලෝකයෙන් අවදි වූයේ ය.

“එනවා, මං ඔහේට මේක වැඩ කරන හැටි පෙන්වන්නම්.”

වෝ්්ගන් වැන්ඩ්ලර් පිටූපසින් ඇදී ගියේ රූකඩයක් මෙනි.

“මේකෙන් තමයි කාල තරණයට අවශ්‍ය ශක්තිිිිය සපයන්නේ්. වෝල්්ටි පනස්දාහක් එකසැරේ විසර්ජනය කරන්න පූළුවන් බැටරියක්්….”

වැන්ඩ්ලර් අඳුරු පැහැති පෙටිටිය මත වූ ස්විචයක් ක්‍රියාත්මක කළේ ය. එය ක්‍රියාත්මක වූ බව හඟවමින් රතු පැහැති බලබයක්් දැල්වෙන්්්්නට විය. එයින් එළියට ඇදුණූ විශාල වයර තොගය ආසනය යටට සම්බන්ධ වී තිබිණි.

“මේකෙ මූලර්ධමය හරියට ම තේරුම් කරන්්න නම් සූකෂම ශරර හා විද්‍යූත් ආරෝ්්පණ අතර ප්‍රතික්‍රියා දැක්වෙන විද්‍යාවක් බිහිවෙල තියෙන්න ඕනේ. ඒ්්ත් තවම ඒක බිහිවෙලා නැති හින්දා ඔහේට මේක තේරුම් ගන්න ඉතා ම දළ වශයෙන් කිව්වොත්, මෙතෙන් දී වෙන්නෙත් හරියට මිනිහෙක්ට අකුණක් ගහනවා වගේ දෙයක්. ස්වභාවික ව අකුණූ වැදීම්වලදීත් කෙනෙක් කාල තරණයකට ලක්වෙන්න පූළුවන් වූණත් හූඟක් ඈත අතීතයට ඔවූන්ව ඇදිල යන හින්දා ඉස්සර වෙලා කියපූ විදිහට යමක් සිදු වෙන්න තියෙන ඉඩ බොහොම අඩූයි.”

කාල යානය වටෙි ගිය වැන්ඩ්ලර් ආසනයේ දිගාවූවකු ගේ ගෙලෙහි ඉහළ කෙළවර ස්පර්ශ වන සේ ආසනයට සවිකර තිබූ රිදී පැහැති කුඩා තැටියක් වැනි යමක් වෝගන්ට පෙන්වූයේ ය.

“මේක තමයි වැදගත් ම කොටස. ස්නායූ පද්ධතියට අවශ්‍ය විද්‍යූත් ස්පන්දය ලබා දෙන්නෙ මේකෙන්. හරියට ම කිව්වොත්, කාල තරණය කරන මොහොතේ දී අපි කෂණිකව මිය යනවා. මනෝමය ශරරය පමණක් කාල අකෂය දිගේ අතීතයට මන්දනය වෙනවා.”

ඉන්පසූ වැන්ඩ්ලර් පරිගණකය ක්‍රියාත්මක කළේ ය.

“මෙතනින් තමයි අවශ්‍ය දත්ත දෙන්නේ. දිනයයි වෙලාවයි දුන්නම සැපයිය යූතු බලය ස්වයංක්‍රියව ම නිර්ණය වෙනවා. උදාහරණයක් විදියට අපි දාමූ අද උදේ 9.15 ට කියලා.”

වැන්ඩ්ලර් දිනයත් වෙලාවත් සටහන් කර වෝගන්ට පෙන්වූයේ ය.

“ඉන් පස්සේ රහස් අංකය”

වැන්ඩ්ිලර් තවත් යමක් එහි සටහන් කළේ ය.

“වෙන කෙනෙක් මේක ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් හරි, මට දවස් දෙකකට පාරක් මේක යාවත් කාලීන කරන්න බැරිවූණොත් හරි, සම්පූර්ණයෙන් ම යානය විනාශ වෙන්නයි මේක ක්‍රමාංකනය කරලා තියෙන්නේ.”

ඔහූ පහතට නැමී අසූන යට සව්කර තිබූ බෝම්බයක් යැ යි සැක කළ හැකි යමකට තටිටූකර වෝගන්ට පෙන්වූයේ ය. වෝගන් පූදුමයට පත්වූයේ නැත. කාල යානයක් සෑදූ කවරකු හෝ වේවා එවැනි ක්‍රියාමාර්ගයක් ගන්නවාට සැක නැත. මක්නිසා ද යත්, කාල යානයක් යනූ විනාශකාර අදහස් ඇත්තෙකුට ලොව ම විනාශ කර දෑමීමට හැකිතරම් බලවත් ආයූධයක් හෙයිනි.

වැන්ඩ්ලර් අන්තිමට පෙන්වූයේ ආසනයට සව්කර තිබූ කුඩා ලීවරයකි. ආසනයේ දිගාවූණූ අයකුට පහසූවෙන් අතින් ක්‍රියා කර විය හැකි අයූරින් අත තබන තැන එය සවිකර තිබිණි.

“මේකෙන් තමයි කාල තරණයට අන්තිම විධානය දෙන්නෙ. මේකත් යතුරු පූවරුවේ යතුරකින් කරන්න පූළුවන්. ඒත් එතකොට කිසිම ගතියක් නැහැනේ.”

වැන්ඩ්ලර් පොඩි එකෙකු මෙන් සිනාහසූණේ ය. ඉන්පසූ මොහොතක් නිහඬව වෝගන් දෙස බලා සිටි හේ, නැවතත් කතා කළේ ය.

“හැබෑට ම ඔහේ මොන විදිහේ පත්තරකාරයෙක් ද?”

වෝගන් දෙබැම ඉහළ එසවූයේ ය.

“අඩූගානේ ඔහේ ළඟ කැමරාවක්වත් නැද් ද?”

වෝගන් සිය දකුණත නළලෙහි ගසා ගත්තේ ය.

“දෙවියනේ කැමරාව…..!”

ඔහූ ළඟ කැමරාවක් තිබේ. එහෙත් ඔහූට එය මතක් වූයේ වැන්ඩ්ලර් ඒ ගැන අසන විට ය.

වෝගන් සිය අත්බෑගය අවූස්සන්ට විය. මේ නිවසට ඇතුළු වූ මොහොතේ සිට අහන්නට දකින්නට සිදු වූ විස්මිත දැ නිසා ඔහූට ඒ ගැන අමතක වී තිබිණි. බෑගයේ අඩියේ තිබී අන්තිමේ දී ඔහූ එය සොයා ගත්තේ ය. එය කුඩා දරුවන් ඡායාරූප ගැනීමට භාවිත කරන වර්ගයේ කුඩා, මිලෙන් අඩූ උපකරණයක් බව සැබෑ ය. එහෙත් වෙලාවේ හැටියට එය ද ඉතා වැදගත් ය.

වැන්ඩ්ලර් සිනාසෙමින් සිටියේ ය. ඔහූ සිනාසෙන්නේ තමා ගේ කැමරාවට ද? නැතහොත් ඔහූට එය අමතක වී තිබීම ගැන ද? එසේත් නැතිනම් වෙනත් කාරණයක් ගැන ද යන්න වෝගන්ට සිතා ගැනීමට අසීරු විය.

“ඔහේ කැමති නම් මට ඔහේ වෙනූවෙන් ආදර්ශයක් විදිහට ඉන්න පූළුවන්.”

වැන්ඩ්ලර් ගේ කාරුණික යෝජනාව වෝගන් සතුටින් පිළිගත්තේ ය. නිකම්ම නිකම් දන්ත වෛද්‍ය පූටූවක ඡායාරූප ගෙන යනවාට වඩා එය වැදගත් ය. මේවා දුටූ විට සිය ප්‍රධානියා ගේ මූහූණ විස්මයෙන් ඇඹර යන හැටි ඔහූට මැවී පෙනිණ.

කැමරාව සූදානම් කරගත් වෝගන් අසූනේ දිගාවි සිටි වැන්ඩ්ලර් වටෙි යමින් ඡායාරූප කිහිපයක් ගත්තේ ය. දිගින් දිගට ම ඔහූ ගේ සිතිවිලි රැඳි තිබූණේ ඔහූ විසින් ලියන්නට යන වාර්තාව ගැන ය. එය ඉදිරිපත් කළ විට ඇති විය හැකි පෙරැළිය ගැන හේ කල්පනා කළේ ය.

වෝගන් ඩැන්ඩල්ෆ්

නම මාධ්‍ය ලෝකයේ ඉතිහාසගතවනූ ඇත. දකෂ ගවේෂණශීලී මාධ්‍යකරුවකු ලෙස ඔහූ සිද්ධීයට පත්වනූ ඇත.

“ඔහේ ගෙ නම් මේ ගැන කිසිම උනන්දුවක් පේන්නෙ නෑ මිස්ට වෝගන්.”

වෝගන් තිගැස්සී ගියේ ය. තමා ඡායාරූප ගැනීම නවතා සිහින ලොවක ගිලී සිට ඇති බව ඔහූට පසක් විය. හේ ලැජ්ජාවෙන් මෙන් සිනාසීමට වෙර දෑරුවේ ය. වැන්ඩ්ලර් ආසනයේ දිගාවීගෙන ම කතා කළේ ය.

“ඒකට බලනවා අර ගිය සතියේ ආපූ හාදයා. මොකක් ද නම….. ආ හොප්කින්ස් ද.. මොකක් ද….!”

වෝගන් අලුත් විස්මයකින් වැන්ඩ්ලර් දෙස බැලී ය.

“මිනිහා ෆෙටෝ එකක් ගන්න කියලා මේසෙ උඩට නැගලා මං ලෙබනන්වලින් ගෙනාපූ අර පෝච්චියත් බිඳලා දෑම්මා.”

“මො… මොකක්…..”

වෝගන් තැතනූවේ ය. ඔහූ විස්මයට පත්ව සිටියේ ය. එසේනම්, හෝකින්ස් තමාට කීවේ බොරුවක් ද? ඒත් වාර්තාවක් ගත්තා නම් ඔහූ එය ප්‍රසිද්ධ නොකළේ ඇයි?

“ඒත්… ඒත්…”

“ඒත්.. ඔහූ කිව්වේ ඔබට ඔහූ ව හම්බවූණේ නෑ කියලයි.”

වෝගන් අවිනිශ්චිත බවකින් යූතු ව කතා කළේ ය.

“ආ ඒකෙ පූදුම වෙන්න දෙයක් නෑ මිස්ට වෝගන්.”

වැන්ඩ්ලර් උපහාසාත්මක සිනහවක් නැගුවේ ය.

“කොහොම වූණත් මගේ පෝච්චිය බිඳිලත් නැහැනේ.”

වෝගන් ගේ අවධානය පොච්චිය දෙසට යොමූ වූයේ එවිට ය. නිල්පැහැති උස් මැටි පෝච්චියක් මේසය මත යහතේ වැජඹෙමින් තිබිණි.

“ඔහේ ගේ වාර්තාව ගැන……”

වැනඩ්ලර් උපහාසයෙන් සිනාසූණේ් ය. ඔහූ ගේ දෑස් කුරිරු පී්‍රතියකින් බැබලෙමින් තිබිණි.

“ඉතුරු ටික පස්සේ හම්බවූණූ වෙලාවක කියන්නම් මිත්‍රයා.”

වෝගන්ට සියල්ල තේරුම් යන විට ඉතිරිව තිබූණේ ලීවරය ඇදීමට පමණී.

ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

ඊළඟ සතියේ වෝගන් රැකියාවක් සොයමින් වීදිගානේ ඇවිද යමින් සිටියේ ය.

නිමි.

එච්. එම්. නිපූණජිත්

2004 ගණිතය

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය