සූපිරි මිනිසා – science fiction

“රොසනා, ජාන අනූපිළිවෙළ කියවීම තාමත් ඉවර නැද් ද?”

මහාචාර්ය ස්ටීවන්සන් පර්යේෂණ කුටිය වෙත ඇතුළු වෙමින් ඇසූවේ නොඉවසිල්ලෙනි.

සිහින් දිගටි සිරුරකින් හෙබි මැදි වියේ පූද්ගලයෙකු වන මහාචාර්ය ස්ටීවන්සන් තරමක් අකීකරු තැනින් තැන සූදු කෙස් මතුව ආ දුඹූරු පැහැ කොණ්ඩයත්, උඩූ රැවූලත්, උපැස් යූගලත් නිසා වයසට වඩා මහලු ව පෙණින.

එක්වර ම පිටූපසින් ඇසූණූ ගොරෝසූ කට හඬින් තිගැස්සූණ ද ඒ මහාචාර්ය ස්ටීවන්සන් බව හඳුනා ගත් රොසානා ආතර්, “තාම නැහැ මහාචාර්යතුමා, මං හිතන විදිහට මේකට තව පැය දහතුනක්වත් යයි” යැ යි පැවසූවේ පරිගණක තිරය වෙතින් මූහූණ ඉවතට ගෙන මහාචාර්යවරයා දෙස බලමිනි.

රොසානා ආතර් තරමක් මහතින් හා උසින් යූතු කාන්තාවකි. මහාචාර්ය ස්ටීවන්සන් සමඟ කැලිෆෝනියා සරසවියේ එකට පර්යේෂණ කටයූතු කරන ජාන ඉංජිනේරුවරියක වන ඇය ද මැදි වියේ පසූවන්නියකි.

මහාචාර්ය ස්ටීවන්සන් මිනිස් පිටපත් ක්ලෝන කිරීමේ අවශ්‍යතාවය පෙන්වමින් අන්තර්ජාතික ක්ලෝනීකරණ සම්මූතියට එරෙහිව තම මතය ප්‍රකාශ කරමින් හඬක් නැංවූවන් ගෙන් කෙනෙකි. එම සම්මූතියට අනූව මිනිසූන් ක්ලෝන කිරීමට තහනමක් පැනවූව ද හවායි දූපත ආසන්නයේ මූහූද තුළ පිහිටි සාගර පර්යේෂණ මධ්‍යස්ථානයක් තුළ අතිශය රහසිගත ලෙස කිරීමට නියමිත ව තිබූණේ ද එවැන්නකි.

පිටස්තර කිසිවකුටවත් ඇතුල් වීමට නොහැකි මෙම සාගර පර්යේෂණ මධ්‍යස්ථානය මහාචාර්ය ස්ටීවන්සන් ගේ අනූදෑනූම යටතේ පවතින්නකි. තමන් ගේ අවශ්‍යතාවය සපූරා ගැනීමට මහාචාර්යවරයා මෙහි යට ම තටිටූවේ පිහිටි විශාල, එහෙත් නවීන උපකරණයන් ගෙන් සමන්විත පරීකෂණාගාරය තෝරා ගත්තේ මෙහි පවතින දෑඩි ආරකෂාව හා පහසූකම් සලකා බලාගෙන විය හැකි ය. පිටතින් බැලූ කල කිසිවකුට මෙය ජාන ඉංජිනේරු විද්‍යාගාරයක් ලෙස නොහැඟෙන පරිදි පරීකෂණාගාරය සකස් කර තිබිණි. ඉතා ගැඹූරු මූහූද අභ්‍යන්තරයේ සිටින ජීවින් පිළිබඳ පරීකෂණ පවත්වන ස්ථානයක ස්වරූපයක් ගත් මෙය එවැනි ජීවීන් හා පාෂාණ වර්ගවලින් සමන්විත ව පවතී.

කලක් තිස්සේ පරීකෂණාගාර මටිටමින් රහසිගතව මිනිස් ක්ලෝන පිළිබඳ ව පර්යේෂණ පැවැත් වූ මහාචාර්ය ස්ටීවන්සන් දෑන් අතගසා ඇත්තේ ලෝකයේ මෙතෙක් කිසි කෙනෙකු නොකෙරූ රහසිගත කාර්යයකට ය. ඒ ඔහූ ගේ සිතේ පැවැති සූපිරි මිනිසෙකු බිහි කිරීමේ සිහිනයයි.

මෙතෙක් කලක් ඔහූට ඒ සඳහා අඩූ පාඩූවක් ව පැවතියේ සූපිරි මිනසෙකු සඳහා අවශ්‍ය ජාන සැකැස්මක් නිර්මාණය කිරීමේ හෝ ලබා ගැනීමේ ප්‍රශ්නයයි. මේ සඳහා ඔහූ පසූගිය වසර දහ හතර තිස්සේ දිවා රෑ නොවෙහෙසී කටයූතු කළ අතර, ඔහූ ගේ බලාපොරොත්තුව ටිකෙන් ටික සූන් වෙමින් තිබූ අවධියක ඔහූට මේ නව අදහස පහළ විය. කලකට පෙර ජිවත් වූ ඒ අසාමාන්‍ය සූපිරි මිනිසා ගේ ඩී.එන්.ඒ. අණූ රැදී ඇතැ යි සැක කළ හැකි ස්ථානයක් ඔහූට මතක් විය. ඒ ඔස්සේ පරිකෂණ කිරීමට ඉටා ගත් ඔහූ ඉතා රහසිගත අන්දමින් එය සොරා ගැනීමට කටයූතු කළේ ය. ඔහූ ගේ සිතැඟි පරිදි සියල්ල සිදු වූ අතර, ඔහූට අවශ්‍ය වූයේ නැවත වාරයක් ඒ සූපිරි මිනිසා ජීවත් කරවීමට ය. ඒ ආකාරයෙන් ම ඒ සූපිරි මිනිසා නවැත ඉපදෙතැ යි ඔහූ සිතුවේ ය.

මේ සඳහා මහාචාර්ය ස්ටීවන්සන්ට සහය වීමට රොසානා ආතර් සමඟ කැලිෆෝනියා සරසවියේ මහාචාර්යවරයාට අතිශ්‍ය විශ්වාසන්ත සඟයෙකු පර්යේෂකවරයෙකු වන ලුවී ස්මිත් ද සහභාගී වී සිටිය හ.

“පූළුවන් තරම් ඉක්මණින් ඉවර කරන්න බලන්න. හදිසියේ මේ බව කටිටිය දෑන ගත්තොත් ලොකු විනාශයක් වෙන්න පූළුවන්.”

මහාචාර්යවරයා පැවසූවේ වීදුරු කුටිය තුළ ඇති ලෝහ මේසය මත වූ යමක් දෙස දීප්තිමත් දෙනෙතින් බලමිනි.

පසූ දින එම කාර්යය අවසන් කළ ස්ටීවන්සන් ඇතුළු පිරිස සූපිරි මිනිස් ක්ලෝනය සෑදීම සඳහා කියවා ගත් ජාන අනූපිළිවෙළට සමාන ඩී.එන්.ඒ අණූ එකින් එක ප්‍රවේශමෙන් ඒ වන විටත් නිපදවා තිබූ මිනිස් කළලයකට ඇතුළු කළ හ.

“හම්!, මං හිතන්නේ අපි සාර්ථකයි. දෑන් ඉතිං අපිට තියෙන්නෙ කාලයට ඉඩ දෙන එක විතරයි,”

සියල්ල සිදු කර අවසන් වූ පසූ එතෙක් අපිළිවෙළට තිබූ ඔහූ ගේ දුඹූරුවන් කෙසේ වැටිය දකුණතින් පැත්තකට පීරමින් මහාචාර්ය ස්ටීවන්සන් පැවසූවේ කට කොණකට නඟාගත් ජයග්‍රාහී සිනාවකින් රොසානා හා ලුවී ස්මිත් දෙස බලමිනි.

ෆ ෆ ෆ ෆ ෆ ෆ

වොෂිංටන් නගරයේ ජනාකීර්ණ වීදියක් අසල වූ බංකුවක තම හැරමිටිය වාරුවෙන් ඉඳගත් මහල්ලෙක් තම වැරහැලි වූ කබාය තුළින් පරණ වී ගිය දින පොතක් අතට ගත්තේ ය. පොතේ පිටූ එකින් එක දිගඅරිමින් අහස දෙස බලා හීල්ලු ඔහූ, කබා සාක්කුවෙන් ගත් පෑනෙන් දිනපොතේ යමක් සටහන් කරනූ පෙණිනි. ලිවීම අතරතුර වරින් වර කැස්ස ඔහූට බලවත් ලෙස පීඩා ගෙන දුන්නේ ය. තම කලිසම් සාක්කුවෙන් සූදු පැහැ එහෙත් දෑන් දුඹූරු පැහැයට හැරෙමින් තිබූ ලේන්සූව ගෙන මූහූණ පිසදා ගත් ඔහූ, සෙමින් සෙමින් ලිවීමෙහි යෙදුණේ ය. අඳුර වැටී සඳ නැඟ එන තුරු ඔහූ ලිවීමෙහි යෙදුණේ ය. ටිකින් ටික ඔහූ ගේ ගත දුබල වෙමින් පැවතිණි. අත වෙව්ලී ය. ඔහූ ලියූ අකුරු ටිකින් ටික නොපැහැදිලි වෙමින් පැවතුණත් ඔහූ ගේ මූහූණින් දිස් වූයේ ඉතා නොඉවසිලිමත් කඩිනම් බවකි. තවත් මොහොතකින් පෑන ඔහූ ගේ අතැගිලි අතරින් ගිලිහී ගොස් බිම පතිත විය. හිස පිටූ පසට කඩා හැලිණි. කණ්ණාඩිය තවමත් එක අඩූවකින් පමණක් කනෙහි රැදි තිබිණි. බංකුවේ ඇන්දට හේත්තු වූ ඔහූ වරක් දෙවරක් ගැස්සිණි. මොදු වෙමින් පවතින සඳු දෙස බලාගෙන ම ඔහූ දෙනෙත් පියා ගත්තේ ය.

පසූදින උදැසන පොලිස් ජංගම රථයක් වේගයෙන් විත් පිරිසක් වට වී තිබූණූ ස්ථානයක නතර විය. එයින් බැස ගත් පාංශූ දේහධාරි පියකරු පොලිස් නිලධාරියකු පිරිස පීරා ගෙන ඉදිරියට ඇඳී ගියේ ය. ඔහූට දෑක ගැනීමට හැකි වූයේ දින පොතක් අතින් ගත් මහල්ලෙකු ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුරකි.

මළ සිරුර පිළිබඳ ව පරීකෂණ කටයූතු කළ ඩේවිඩ් ස්ටීවන්සන්, මහල්ලා හඳුනා ගැනිම සඳහා තොරතුරක් ඇතැ යි යන බලාපොරොත්තුවෙන් ඔහූ ගේ දිනපොත පරික්සන්නට විය. පිටූවෙන් පිටූව විමසිල්ලෙන් පෙරලු ඔහූට දෑකගත හැකි වූයේ වෙව්ලා ගිය අතකින් ලියූ ඔහූ දෑන සිටි පරිදි කිසිම භාෂාවකට අයත් නැති අමූතු ම ආකාරයේ අකුරු පමණි. අකුරුවලට වඩා ඒවා කුරුටූ ගෑමකට යම් අතකින් සමානකමක් දෑක්වීය.

එහෙත් පරීකෂාකාරි තියූණූ දෙනෙතින් පිටූවෙන් පිටූව පෙරලූ ඔහූට අවසාන පිටූවේ ලියා තිබූ දෙය මඳක් අපැහැදිලි වූවත්, අපහසූවෙන් හෝ කියවා ගැනීමට හැකියාව ලැබූණි. කිසිම තේරුමක් නැති වචන සමූහයක් මැඳ තමා ගේ නම ද දක්නට ලැබීම මෙම කඩවසම් පොලිස් නිලධාරියාට පූදුමය දනවන කරුණක් මෙන් ම මහත් ප්‍රහේලිකාවක් විය.

“ඩේව්ඩ් ස්ටීවන්සන්…. මම අසාර්ථකයි….!”

මේ වන විටත් මහල්ලා ගේ ගුලි වී තිබූ වමත තුළ පොලිතින් කොළයක ඔතා තිබූ යමක් ඩේවිඩ් ස්ටීවන්සන් නෙත ගැටූණේ ඒ මොහොතේ ය. පහත් වී මහල්ලා ගේ දර දඩූව තිබූ ඇඟිලි අතරින් බලවත් උත්සාහයක් දරා ඔහූ එය ගලවා ගත්තේ ය.

පොලිතින් බෑගය තුළ තිබූ දෙය ඔහූ තම අත මතට හෙලූ අතර, සූදු පැහැති යමක් අත්ල මත පතිත විය. එය දුටූ ඔහූ ගේ දෙඇස් විශ්මයෙන් බබලන්නටත් භීතියෙන් හැකිලෙන්නටත් විය. මීට කලකට පෙර අතුරුදහන් ව තිබූ දන්තධාතුව ඔහූ අපහසූවකින් තොරව හඳුනා ගත්තේ ය.

එච්.එම්. සිසිඳු සූදාර ද සිල්වා

2005 – ජිව විද්‍යා

රාජකීය විදුහල

කොළඹ